Local

හැමෝම යුද්ධ කලේ සාමය වෙනුවෙන් තමයි, ඒක හරි - මහින්ද රාජපක්ෂ

Tuesday, 20 May 2025 - 5:44 pm

සැවොම යුද්ධ කළේ සාමය වෙනුවෙන් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (19) සිදුකළ ප්‍රකාශය නිවැරදි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඒ අනුව යුද්ධය සිදුකළේ කවුරුන් හෝ අල්ලා ගැනීමට නොව රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවයි අද (20) උදෑසන රණවිරු සැමරුම් ස්මාරකය අසල දී පැවති පොදුජන පෙරමුණේ රණවිරු සැමරුම අතරතුර මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

රණවිරු සැමරුම ඉදිරියේදී පවත්වාවි ද, නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් නොදන්නා බවද, එය තීරණය කරන්නේ පවතින රජයයන් විසින් බවද හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

යුද්ධය යනු ඛේදවාචකයක් බව සත්‍ය බවත්, කෙසේනමුත් මෙරට හමුදාවන් එම යුද්ධය ජයග්‍රහණය කළ අතර යුද්ධයේදී එක් පාර්ශ්වයක් ජයගත යුතු බවයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT