Local

දිලිදු පවුල් වලට අවම රුපියල් දස දහසක මාසික දීමනාවක් දෙනවා..

Tuesday, 20 August 2024 - 9:19 pm

ශක්තිමත් තීන්දු තීරණ ගැනීම සඳහා ශක්තිමත් ජනවරමකට සියලු ජනතාවගේ සහය මාලිමාවට දෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රටේ ආර්ථිකය කඩා වැටීමෙන් පහළ ග්‍රාමීය ජනතාවට ජීවත් විය නොහැකි තත්වයක් උදා වී ඇති බව කී දිසානායක මහතා ඒ අනුව එම පවුල් වලට අවමය රුපියල් දස දහසක් වන සහනාධාර දීමනාවක් මාසිකව ලබා දීමට පියවර ගන්නා බවද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ජන හමුවක් අමතමිනි.

‘මිනිස්සුන්ට කන්න නැතුව රට හදල වැඩක් නැහැ. රට හදන වැඩේ. ක්‍රමානුකූලව කළ යුතුයි. එහි ආරම්භයේදී අප ජනතාව ගැන බලා ගන්නවා. ලයිට් බිල අඩු කරනවා. කැළණිතිස්ස, කෙරවළපිටිය විදුලි බලාගාර හදල තියෙන්නේ ස්වාභාවික ගැස් වලට හරවන්න පුළුවන් විදිහට. ඒවා ඩීසල් වලින් දුවන්න තීරණය කළේ තාවකාලිකවයි. නමුත් දැන් අවුරුදු පහළොවක් වෙනව තවමත් ගැස් වලට පරිවර්තන වුණේ නැහැ. එහෙම වුණොත් විදුලි බිල අඩු කරන්න පුළුවන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමු ප්‍රමුඛතම ව්‍යාපෘතිය මේ පද්ධතිය ස්වාභාවික ගැස් වලට පරිවර්තනය කිරීමයි’


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT