Local

ජර්මන් සමාජ සේවිකාව 122 වැනි වරටත් ශ්‍රී ලංකා සංචාරයක

Thursday, 11 January 2024 - 1:15 pm

සංචාරය සඳහා වඩාත් හිතකර රටක් බවට පත් කරමින් ජර්මන් ජාතික සමාජ සේවිකාවක වන 81 හැවිරිදි උර්සුලා බේයර් (Ursula Beier) මහත්මිය 122 වැනි වරටත් ශ්‍රී ලංකාවේ සංචාරයක් අරඹමින් ඊයේ (10) අලුයම කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.

1979 වසරේ සිට අඛණ්ඩව 122 වරටත් මෙම ජර්මන් ජාතික සමාජ සේවිකාව ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඇය ‘සාමය හා දයාව’ පදනම බිහිකර, එමඟින් ‘දරුවා හදා ගම හදමු’ යන සංකල්පය යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික සහ සදාචාරය යන ක්ෂේත්‍රයන් ඔස්සේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරයි.

ඇය ඇතුළු ඇගේ දූත පිරිස ඊයේ අලුයම 05.35ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියාය.

උර්සුලා බේයර් මහත්මිය ඇතුළු පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සහ ඇගේ ‘සාමය හා දයාව’ පදනමේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT