Local

ත්‍රිපෝෂ නිවසින් ත්‍රිපෝෂ කප්කේක් ළඟදීම

Friday, 27 June 2025 - 11:02 am

මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන, ලාභ ලබන ආයතන බවට පත් කිරීමෙන් රජය ආරම්භ කර ඇති ආයතන ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මේවන විට යළිත් සාර්ථක ආරම්භයක් ලබා ගෙන ඇත.

ඒ අනුව කර්මාන්තශාලාවේ නැවතී තිබුණු මැෂින් නැවත පැය 24ම වැඩ කරන තත්වයකට පත්ව ඇති බව පසුගිය 16වැනිදා ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා සදහන් කරයි.

මේ සමඟ පළමු ත්‍රිපෝෂ නිෂ්පාදන පැකට් සූදානම් වී ඇති අතර ක්‍රමානුකූලව හිස්ව තිබූ ගබඩාගාර යළි ත්‍රිපෝෂ නිෂ්පාදන පැකට්වලින් පිරෙමින් නැවතත් පැය 24ම පුරාම වැඩ කරන වැඩබිමක් බවට ආයතනය පත්ව ඇත.

ඒ අනුව සභාපතිවරයා සදහන් කරනුයේ තව දින කිහිපයකින් සිය ආයතනය රටටම ත්‍රිපෝෂ බෙදා හැරීමට සූදානම් බවයි. ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන් සහ ළඳරුවන් සදහා නැවත ත්‍රිපෝෂ ලබා දිය හැකි බව ඔහු කියා සිටියි.

මීට අමතරව සභාපතිවරයාගේ මඟපෙන්වීම යටතේ ත්‍රිපෝෂ සමාගමෙන් විවිධ රස සමගින් පෝෂදායි රසවත් ත්‍රිපෝෂ කප්කේක් (cup cake) නිෂ්පාදනයක් හදුන්වා දීමට නියමිතය.

චොකලට්, කෙසෙල්, වැනිලා, ස්ටෝබරි සහ අඹ රසැති ත්‍රිපෝෂ කප්කේක් මේ අනුව නිෂ්පාදනය කෙරේ.
සමාගමේ ජාඇල ප්‍රධාන කාර්‍යාලය අසළ පිහිටි නිෂ්පාදන අලෙවිසැලෙන් (outlet) ඒවා මිලදී ගැනීමට පාරිභෝගියාට ලබන සතියේ සිට අවස්ථාව උදාවන බව සභාපති අමල් නිරෝෂණ අත්තනායක මහතා කියා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT