Local

මහ බැංකු කාර්ය මණ්ඩ­ලයේ පම­ණක් වැටුප් වැඩි කිරීම අනු­මත කළ නොහැකි ක්‍රියා­වක්

Saturday, 09 March 2024 - 8:37 am

රාජ්‍ය අංශයේ විය­දම් අවම කර ගැනී­මට ප්‍රති­ප­ත්ති­මය තීන්දු­වක් ගෙන ඇති පසු­බි­මක මහ බැංකුවේ කාර්ය මණ්ඩ­ලය පම­ණක් 70%කින් වැටුප් වැඩි කර ගැනීම අනු­මත කළ නොහැකි ක්‍රියා­වක් බව හිටපු මුදල් ඇමැති රවී කරු­ණා­නා­යක පැව­සීය.

මහ බැංකුව ස්වාධීන ආය­ත­න­යක් කිරීම පද­නම් කර ගනි­මින් මෙරට ජාතික ප්‍රති­ප­ත්ති­යට පට­හැ­නිව තවත් රටක් මෙන් කරන අත්ත­නෝ­ම­තික හැසි­රී­මක නිර­ත­වී­මට ඉඩ නොදිය යුතු බවත් මීට පෙර රට බංකො­ලොත් බව මහ බැංකුව විසින් නිල වශ­යෙන් ප්‍රකාශ කරනු ලැබුවේ ද පාර්ලි­මේ­න්තුවේ කිසිම අනු­දැ­නු­මක් නොමැ­තිව බවත් ඒ මහතා සිහි­පත් කළේය.

හිටපු මුදල් ඇමැති රවී කරු­ණා­නා­යක මේ බව සඳ­හන් කළේ කොළ­ඹදී (06) පැවති මාධ්‍ය හමු­ව­කදී අද­හස් දක්ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් හිටපු මුදල් ඇමැති රවී කරු­ණා­නා­යක මෙසේද පැව­සීය.

අපට මත­කයි පසු­ගිය සමයේ රට බංකො­ලොත් බව මහ බැංකුව ප්‍රකාශ කළ අව­ස්ථාවේ ඒ ගැන ප්‍රසිද්ධ කිරී­මට පෙර පාර්ලි­මේ­න්තුවේ අද­හස් විම­සී­මක් නොකළ බව. පාර්ලි­මේ­න්තුවේ අනු­දැ­නු­මක් නැතුව තමයි එදා ඒ තීන්දුව ගත්තේ. එදා ඩොල­රය රුපි­යල් 380- 385ක් වැනි අග­යක තිබුණේ. නමුත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහගේ ප්‍රති­ප­ත්තිය හමුවේ රටේ මූල්‍ය වින­යක් ඇති­ක­ර­ගෙන ගිය වැඩ­පි­ළි­වෙළ නිසා අද වන විට එය රුපි­යල් 307ක් පමණ අග­ය­කට පත්ව තිබෙ­නවා.

මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් ගැන අව­ධා­නය යොමු කළ යුතුයි. පළමු වැන්න තමයි මේ ආකා­ර­යට ඩොල­රය හමුවේ රුපි­යල ශක්ති­මත් බව පෙනු­නත් අපි තව­මත් විදෙස් ණය නොගෙ­වන බව. දෙවැන්න තමයි රජයේ විය­දම් කිසි­යම් පාල­න­ය­කට නතු කර තිබෙන බව. ඒ නිසා ඉතා ප්‍රවේ­ශ­මෙන් අප කට­යුතු කළ යුතුයි. තව­මත් අර්බු­දය අව­සන් නෑ. මෙහිදී ආදා­යම් වැඩි කිරී­මක් ගැන දිගින් දිග­ටම අද­හස් දක්ව­නවා. නමුත් රාජ්‍ය විය­දම් අඩු කිරීම, අන­වශ්‍ය විය­දම් අඩු කිරීම ගැනත් අව­ධා­නය යොමු­කළ යුතුයි.

මේ රටේ බදු ආදා­ය­මින් රුපි­යල් බිලි­යන 1700ක් පමණ වැය කරන්නේ ලක්ෂ 16ක් පමණ වන රාජ්‍ය සේව­ක­යන් ප්‍රමා­ණ­යක් නඩත්තු කිරී­ම­ටයි. රාජ්‍ය බදු ආදා­ය­මින් 75%-80% ක් පමණ ඊට වැය කෙරෙ­නවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. අපට පුළු­වන් නම් මේ ප්‍රමා­ණය රුපි­යල් බිලි­යන 900කට වගේ අඩු­කර ගන්න, ඒ ඉතුරු මුද­ලින් සෞඛ්‍ය අංශයේ අඩු­පාඩු , පාසල් පද්ධ­තිය සංව­ර්ධ­නය කිරීම, සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් නැංවීම වැනි කට­යුතු සඳහා යොද­වන්න පුළු­වන්.එහිදී මේ යොද­වන මුදල් පෙරලා ආයෝ­ජන බවට පත්වෙ­නවා.

අද සංචා­රක කර්මා­න්ත­යෙන් ඩොලර් බිලි­යන 5ක් වගේ­උ­ප­ය­නවා. විදෙ­ස්ගත ශ්‍රමි­ක­යන් මඟින් ඩොලර් බිලි­යන 7ක් වගේ ඉප­යී­මක් වෙනවා. මේ ගණන ප්‍රමා­ණ­වත් නෑ. රජයේ නිල­ධා­රීන් මේ ගැන දැනු­වත්. ඒ වගේම මේ සම්බ­න්ධව ක්‍රියා­මාර්ග ගැනීම ඔවු­න්ගේත් රාජ­කා­රිය. ඔවුන් දේශ­පා­ල­න­ඥ­යන් දැනු­වත් කළ යුතුයි. උපාය මාර්ග යෝජනා කළ යුතුයි. ඒ හැර නිදා­ගෙන ඉඳලා දැන් බංකො­ලොත් කියලා කියන්න වෘත්ති­ක­යන් මොක­ටද ?

මහ බැංකුව ස්වාධීන වූ පද­න­මින් ඒක මේ රටේ තියෙන වෙන රටක් වගේ හැසි­රෙන්න නර­කයි. නමුත් ඔය අව­දා­නම එන්න පුළු­වන් බව කාල­ය­කට පෙර මමත් පෙන්වා දුන්නා. නමුත් එදා පාර්ලි­මේ­න්තුව නියෝ­ජ­නය කරන පිරිස ඒ ගැන අව­ධා­නය යොමු කළේ නෑ. දැන් කරන්න තියෙන්නේ කවු­රුත් පොදු ප්‍රති­ප­ත්තිය ඇතුළේ සිට වැඩ කරමු කියන යෝජ­නාව කර­න්නයි. අවශ්‍ය ප්‍රති­ලාභ අනිත් සැම­ටම වගේම මේ අර්බුද සමය අව­සන් කර ගත්තාට පසුව ලබා­ගමු කියන එක­ඟ­තා­වට පැමි­ණී­මයි.

රාජ්‍ය අංශයේ, මහ බැංකුවේ දක්ෂ කාර්ය­ක්ෂම නිල­ධා­රීන් සිටි­නවා. පිරි­සක් තමයි මේ අත්ත­නෝ­ම­තික ආකා­ර­යට හැසි­රෙන්නේ. ආර්ථි­කය කියන විෂයේ වෘත්තී­ය­භා­වය ඔවුන්ට තියෙ­නවා කියන පද­න­මින් ප්‍රති­ප­ත්ති­මය තීරණ වෙනස් කරන්න ඉඩ­දෙන්න නර­කයි. මොකද රාජ්‍ය අංශයේ තවත් ඉංජි­නේ­රු­වන් ඉන්නවා, ගණ­කා­ධි­කා­රී­ව­රුන්, නීති­ඥ­යන්, මහා­චා­ර්ය­ව­රුන්, පර්යේ­ෂ­ක­යන් ඉන්නවා. ඒ අයත් ඔවුන්ගේ විෂ­යට අදාළ වෘත්ති­ක­යන්. තීන්දු තීරණ ගන්න­කොට වග­කී­මෙන් කට­යුතු කරන්න ඕනෑ කියන්නේ ඒ නිසයි.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT