Local

රටවල් 12ක පුද්ගලයින් අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් පැනවූ නියෝගය අද සිට බලාත්මක වෙයි

Monday, 09 June 2025 - 5:56 pm

රටවල් 12 ක පුද්ගලයින් සඳහා අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නියෝගය අද සිට බලාත්මක වනවා.

විදේශීය ත්‍රස්තවාදීන්ගෙන් අමෙරිකාව ආරක්ෂා කිරිම අරමුණු කර ගනිමින් අමෙරිකානු ජනපති එම නියෝගය නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ඉරානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ලිබියාව, සෝමාලියාව, යේමනය සහ සුඩානය යන රටවල් සඳහා අද සිට අමෙරිකාවට ඇතුළුවිම තහනම් වනවා.

එසේම, බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල් සඳහා අමෙරිකාවට ඇතුළු වීම අද සිට අර්ධ වශයෙන් සීමා කර තිබෙනවා.

පසුගියදා අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේදි ඊජිප්තු ජාතිකයකු එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර සිද්ධියත් සමඟ විදේශිය ත්‍රස්තවාදීන්ගෙන් අමෙරිකාව ආරක්ෂා කිරීම සඳහා එම තීරණය ගත් බවයි අමෙරිකානු ජනපතිවරයා සඳහන් කර සිටි‍යේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT