Local

පේදුරුතුඩුවේ සිට පානම දක්වා සංචාරක කලාපයක් කරනවා - රනිල්

Tuesday, 17 September 2024 - 12:12 am

පේදුරුතුඩුවේ සිට පානම දක්වා ප්‍රදේශය සම්පූර්ණ සංචාරක කලාපයක් බවට පත්කර රට දියුණු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කන්තලේදී අද (16) පැවති 'රනිල්ට පුළුවන්' ජනරැලියට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

'අමාරුයි, මං ඒක පිළිගන්නවා. ඒ බර මට ඕන අයින් කරන්න. අපි ඉදිරියට යමු. ලිස්සන්න පුළුවන් මාලදිවයිනට වුණා වගේ.  ඒක තමයි දැන් මේක තහවුරු කරන්න ඊළඟ අවුරුදු පහ ඉල්ලන්නේ.  බලන්න...බලන්න, නොවැම්බර් මාසෙන් පස්සේ කන්තලේ සීනි කම්හලයි, තවත් කම්හල් ගණනාවක් දාන්න යනවා. ඒ ඔක්කොම කරන්න මං දිනන්න ඕන. නැත්නම් බැහැ මොකුත් කරන්න. කැමතියි නේද ඒකට. පේදුරුතුඩුවේ ඉඳන් පානම වෙනකම් සම්පූර්ණ සංචාරක කලාපයක් කරනවා. අපි දියුණු කරන්න යනවා. ඒකේ වාසිය හැම තැනටම එන්න. කුස්සියේ ප්‍රශ්නය විසඳන්න ගෑස් සිලින්ඩරයට කතිරය ගහන්න. ඉතිරි ටික මං කරලා දෙන්නම්'. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT