Local

අයහපත් කාලගුණයෙන් සිදුවූ වගා හානි තක්සේරු කිරීම ආරම්භ කෙරේ

Wednesday, 04 June 2025 - 9:46 am

පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇදහැලුනු වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීම් කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් යන වගාවන් වලට සිදුවන හානි සඳහා රක්‍ෂණ ආවරණ ලබා ගැනීම අවශ්‍ය නොවන අතර, එම බෝගවලට අක්කර 05 ක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ගෙවීම සිදු කෙරෙන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව වගා හානියකදී හෙක්ටයාරයක් සඳහා රු.100,000/- ක උපරිමයක් දක්වා රක්‍ෂණ මුදල් නිදහස් කරන බව සඳහන්. 

මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් 100කගේ පමණ කුඹුරු අක්කර 130ක් හානියට පත්ව ඇති බවට වාර්තා වී ඇති අතර, ඉදිරි දින කිහිපය තුළදී වගා හානිවීම් පිළිබඳව නිරන්තර අධීක්ෂණයට ලක් කිරීමට බලාපොරොත්තු වන බව දන්වා සිටිනවා.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංකය වන 1918 අමතා ගොවීන්ට තම වගා හානිවීම් ගැන දැනුවත් කිරීම සිදුකළ හැකි බවයි එම ‍මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT