Local

අඹන් ගගේ අතුරුදන් වූ චන්ද්‍රම්ගේ සිරුර දින 3කට පසුව හමුවෙයි

Monday, 25 March 2024 - 8:25 am

ඇලහැර අඔන් ගගේ පාවෙමින් තිබූ මළසිරුරක් ජයසිරිපුර ගගේ යාය ගම්වැසියන් විසින් (24) උදේ සොයාගෙන ඇත. මේ පුද්ගලයා රත්නපුර කැටන් දොරවත්ත ගම්මානයේ පදිංචි එස්. චන්ද්‍රම් ශාන්ත කුමාර් නැමති 24 හැවිරිදි දෙදරු පියකු බව බකමුණ පොලිසිය කියයි.

ඉකුත් 22 දින හිතමිතුරන් 13ක් සමඟ කොළඹ සිට ඇලහැර අත්තනකඩවල ගම්මානයේ හිත මිතුරකු හමුවීමට පැමිණ ඇති බවත් එදින තවත් මිතුරන් තිදෙනකු සමඟ ජයසිරිපුර ගම්මානය අසල ඇති අඔන්ගඟට පැමිණ අඔන් ගඟ අසල නවාතැන් ගෙන ආහාර ගෙන විනෝද වෙමින් සිටි බව හෙළිදරව්වී ඇත. විනෝද වන අතරතුර මිය ගිය චන්ද්‍රම් ශාන්ත කුමාර් නැමැති අය දිය නෑමට ගඟට බැසීමෙන් පසු අතුරුදන්ව තිබිණි. දින තුනක් පමණ සොයා ගැනීමට නොහැකි වූ චන්ද්‍රම් ශාන්ත කුමාර් ඊයේ උදේ ජයසිරිපුර ගම්මානයේ ගම්වැසියන් සහ බකමුණ පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සිරුර ගොඩගෙන තිබේ. මේ මරණය පළිබඳ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතය.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ද සිල්වා සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලේ මහතුන්ගේ උපදෙස් පරිදි බකමුණ පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලකඳුර පොලිස් සැරයන් 35670 රත්නායක පොලිස් කොස්තාපල් 12421 තෙන්නකෝන් යන මහතුන් මරණය පිළිබඳ පරීක්ෂණ පවත්වයි. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර පොලොන්නරුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ගෙන යෑමට නියමිතව තිබිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT