Local

පසුගිය ජනපතිවරණ සමයේදී බාර් ලයිසන් නිකුත් කිරීම ගැන ගොනු කළ පෙත්සම් විභාගයට අවසර

Wednesday, 04 June 2025 - 10:31 pm

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) අවසර ලබාදී තිබෙනවා.

මාතලේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන තංගවේලු ධනේන්ද්‍ර රාජා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර, එවක මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එම අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, හිටපු සුරාබදු කොමසාරිස් එම්.ජේ. ගුණසිරි ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සංජීව ජයවර්ධන සහ සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් වසරේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ ජුලි මස 26 වැනිදා සහ ජනාධිපතිවරණය පැවැති සැප්තැම්බර් මස 21 වැනිදා අතර කාලසීමාව තුළ වගඋත්තරකරුවන් විසින් නීතියට පටහැනි ආකාරයට අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් කර තිබෙන බවත්, හිටපු අමාත්‍යවරයෙකු වන ශාන්ත බණ්ඩාරගේ 19 හැවිරිදි පුත්‍රයාට ද මේ යටතේ මත්පැන්හල් බලපත්‍රයක් නිකුත් කර තිබෙන බවත් පෙන්වා දුන්නා.

ඒ අනුව දේශපාලකයින්ගේ හිතවතුන්ට හා ආධාරකරුවන්ට මෙසේ මත්පැන්හල් බලපත් නිකුත් කර තිබෙන බවට එම නීතිඥවරුන් සඳහන් කර සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් කාල විරෝධී වීමෙන් පසුව ඉදිරිපත් කර තිබෙන බවත්, මේ තුළින් පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කර තිබෙන බවත් චෝදනා කළ අතර, එසේම මෙම නඩුකරයට පාදක වන සුරාබදු රෙගුලාසි අහෝසි වී දැන් අලුත් රෙගුලාසි නිකුත් කර තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඉකුත් වසරේ ජනාධිපතිවරණය කැඳවූ දා සිට ජනාධිපතිවරණය පැවති දින දක්වා කාලසීමාව තුළ මෙන්ම ඉකුත් වසර තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍ර පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වත්මන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය නොවැම්බර් 19 වැනිදා සිදු කිරීමට දින නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT