ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම පරාජය වන බව දන්නා නිසා රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ඇතුළු ඉටුකිරීමට නොහැකි පොරොන්දු ලබාදෙමින් අර්බුදකාරි කථා කීමට පටන්ගෙන ඇතැයි ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (03 දා) ගාල්ල ඇල්පිටියේ දී පැවසීය.
ඡන්ද ගුණ්ඩුවලට හසුවන්නේ නැති බව රටේ ජනතාව අත්දැකීම්වලින් ඔප්පුකොට ඇති බවද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. අතිවිශාල ජනතාවගේ සහභාගිත්වයෙන් පැවති දිනුම රටට රට අනුරට ඇල්පිටිය විජයග්‍රාහී ජන රැළිය අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.
මීට මාස එකහමාරකට දෙකකට කලින් මේ රටේ රාජ්‍ය සේවකයින් විරෝධතාවක් දියත් කළා ජීවන වියදමට සරිලන වැටුපක් දෙන්න කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ කීවේ කුමක්ද සතයක් වැඩිකරන්න බැහැ. වැඩි කළොත් ආර්ථිකය කඩාවැටෙනවා කීවා. මුදල් අමාත්‍යංශයේ ලේකම් කීවා රාජ්‍ය සේවක වැටුප් වැඩිකළොත් වැට් බද්ධ සියයට 21කින් වැඩිකරන්න වෙනවා කියලා. මේ කථාව කීවේ පසුගිය ජුලි මාසයේ දී. දැන් කියනවා ජනවාරි මාසයේ සිට රුපියල් 25000ක දීමනාවක් දෙනවා කියලා. ජනවාරිවල සිට සියයට 24ක වැටුප් වැඩිවීමක් කරනවා කියලා. රනිල්ට කියන්න පුළුවන් එයා පරදිනවා නේ. එයා පරදිනවා. ඇමැති මණ්ඩලයේ තීන්දුවක් අරගෙන තියෙනවා.
සියලු ගොවිණය කපා හරිනවා කියලා කියනවා. ජනතාවට හිතෙනවා හැමදාම ඡන්දය තිබ්බොත් හොඳයි වගේ කියලා. මේවා බොරු නේ. කොයි බැංකුවට ද ණය. කෙතරම් ද මේ පිළිබඳ විගණනයක් කරලා ඒ ණය කපා හැරීම බැංකුවට දරාගන්න පුළුවන්ද පරාජය හමුවේ මේ අය කළ නොහැකි අර්බුදකාරි කථා කියන්න පටන් අරගෙන තියෙනවා. අනික් පැත්තෙන් භයක් භීතියක් හදන්න පටන් අරගෙන තියෙනවා. අපිට කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ දැන් ප්‍රමාද වැඩියි කියලා. දැන් පරක්කු වැඩියි ඔයගොල්ලෝ රට ගැන හිතුවානම් ගොඩක් දේවල් මීට කලින් කරන්න තිබුණු දේවල් තමන්ගේ බලය ගිලිහී යනවා කියලා දැනෙන විට ජනතාව තමන් සමග නෑ කියලා හිතෙන විට පරණ පුරුදු ඡන්ද ගුණ්ඩු දෙන්න පටන් අරගෙන තියෙනවා. රනිල් වික්‍රමසිංහ ඔයා තවමත් ඉන්නේ පරණ දේශපාලනයේ. අපේ රටේ ජනතාව අත්දැකීම්වලින් ඔප්පු කරලා තියෙනවා ඡන්ද ගුණ්ඩුවලට හසුවෙන්නේ නැහැ කියලා. හැම ඡන්දයක් එනවිට පඩි වැඩිකරනවා කියනවා. තේ දළු මිල, වී මිල වරායේ රස්සා දෙන්නම් කියනවා. ඛනිජ තෙල් සංස්ථාවට දාන්නම් කියනවා. පාසල්වලට පහසුකම් දෙන්නම් කියනවා.
අරක්කු ටිකක් දෙනවා, බත් පාර්සලයක් දෙනවා, වැසිකිලි පෝච්චියක් දෙනවා ඒ කුඩා කුඩා දීමනාවලින් හරවන්න බැරිතරමේ නැගිටීමක් ජාතික ජනබලවේගයත් සමග එකතුවීමක් සිදුවෙලා තියෙනවා. දැන් තවත් කසුකුසුවක් යනවා. රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස තාම ඒ කසුකුසුවට හසුවෙලා නැහැ. දැන් දෙවැනි පෙල අතර කසුකුසුවක් යනවා නාම යෝජනා දුන්නා බෙදිලා මෙහෙම ගියොත් දෙගොල්ලන්ම පරාජය වෙනවා. ඒ නිසා එකතුවෙන්න ක්‍රමයක් නැද්ද ජාතික ජනබලවේගයට එරෙහිව කියලා. සජිත් වෙනම රනිල් වෙනම මෙහෙම තරගකළහොත් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය නියතයි. එහෙම කළොත් දෙගොල්ලන්ම අමාරුවේ වැටෙනවා. එකතුවෙන්න විදියක් නැද්ද කියලා තාම රනිල් සජිත් කථා කරලා නැහැ. දෙවැනි පෙළ දැන් කථාකරන්න පටන් අරගෙන තියෙනවා. ඒකටත් අපිට කියන්න තියෙන්නේ දැන් පරක්කු වැඩියි කියලා.
මේ වනවිට ගොඩනැගෙමින් තියෙන ජනතා බලය කිසිසේත්ම ආපසු හරවන්න බැහැ. සැප්තැම්බර් මාසයේ 21 වැනිදා නියත ජයග්‍රහණයක් අත්පත් කරගන්නවා. දැන් ඡන්ද ව්‍යාපාරය තියෙන්නේ අපේ අතේ නෙවෙයි. අපි කථා කරනවා වැඩ කරනවා. ඡන්ද ව්‍යාපාරය තියෙන්නේ ජනතාවගේ අතේ. ජාතික ජනබලවේගය සඳහා විශාල මහජනබලයක් ලියන්න කියන්න ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා. දැන් මේ බලවේගය කාටවත් නතර කරන්න බැහැ. මේ රට ඉතා ප්‍රපාතයකට කඩා වැටිලා තියෙන්නේ මේ රට ගොඩනැගීම සඳහා තීරණාත්මක ස්ථාවර තීන්දු කිහිපයක් ගන්න ඕන. ජාතික ජනබලවේගය බලය ඉලන්නේ මේ ගමන් කරමින් තිබෙන මාවතේ මේ විදියටම රටත් ජනතාවත් තල්ලුකරගෙන යන්න නෙවෙයි. මේක තීරණාත්මක නව සුබ දිශාවකට හරවන්න. අන්න හැරවුම් ගන්න නම් ශක්තිමත් තීන්දු තීරණ ටිකක් ගතයුතුවෙනවා. ජනතාවගේ ශක්තිමක් විශ්වාසයක් ශක්තිමත් ජනවරමක් කැමැත්තක් ඕන.
ඉස්සෙල්ලාම මේ දේශපාලන පොරපිටිය සුද්දකරන්න පටන් ගන්නවා. අපේ රටේ දේශපාලනය මහජනයාට පිළිකුල් අප්‍රසන්නයි. කැතයි. එපාවෙලා තියෙන්නේ. ජාතික ජනබලවේගය ආණ්ඩුව අරගෙන පියවරෙන් පියවර සුද්ද කරනවා. මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් නැත. මන්ත්‍රීවරුන්ට දෙන වාහන බලපත්‍රය නතර කරනවා, ඇමතිවරුන්ට නිල නිවාස ලබාදීම හා විදුලිබිල ජලබිල්පත් ගෙවීම නතර කරනවා. හොරකම් කරපු දේපළ පවරා ගන්නවා. පවුල් ආණ්ඩු යුගය අවසන් කරනවා.
දිනෙන් දින ජයග්රාහි දිනයට ළඟාවෙනවා. ජාතික ජනබලවේගයේ අපි ඉතා සැලසුම්සහගතව තමයි මේ ගමන ආවේ. පසුගිය ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රථිපල දිහා බැලුවම කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ ජනාධිපතිවරණයේ දී අපි ජයග්‍රහණය කරාවි කියලා. අපි සැලසුම්සහගතව පියවරෙන් පියවර ඇවිත් මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන ව්‍යාපාරය බවට ජාතික ජනබලවේගය අද පත්වෙලා තියෙනවා. ඒක හාස්කමක් නෙවෙයිද ඒක විශාල පරිවර්තනයක්. මේ හැම අතින්ම කඩා වැටිලා තියෙන රටත් පියවරෙන් පියවර මේ රට සමෘද්ධිධිමත් රටක් බවට පරිවර්තනය කරන බව. මීට කලින් ඒ අය අපිට කිය කියා හිටියේ අපිට දිනන්න බැහැ. දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ ජාතික ජනබලවේගය ජයග්‍රහණය කළහොත් ගෑස් නැතිව යයි. ඔක්කොම ඉවරයිලු. සමාජය හමුවේ භයක් භීතියක් හදන්න පටන් අරගෙන තියෙනවා. අසාර්ථක වන පරාජය වන නායකයින් හැමදාම සමාජයට බියක් හදනවා. මහින්ද රාජපක්ෂ පැරදුණු විට අපේ රටේ ඉන්න ඉහළ හමුදා නිලධාරීන් විදුලි පටුවේ වාඩි කරාවි කියලා කීවා. ගෝඨාභය රාජපක්ෂ පරාජය වුවහොත් ජාතිය අනතුරේ කියලා කීවා. ඇත්තටම දිනලා තමයි ජාතිය අනතුරේ දැම්මේ. අනාගතය ගැන බයක් හදනවා. රනිල් වික්‍රමසිංහගේ සම්පුර්ණ ක්‍රියාමාර්ගය බවට පත්වෙලා තියෙන්නේ අනාගතය ගැන භයක් හදන්න. සජිත් ප්‍රේමදාසත් එහෙමයි. එයයි එයාගේ සහචර කණ්ඩායමයි පරාජය පිළිගෙන ඉවරයි. අනාගතය ගැන භයක් නිර්මාණය කරනවා. ඔය හැමදෙනාටත් වඩා මේ රට පිළිබඳවත් ජනතාව පිළිබඳවත් අපිට වගකීමක් තියෙනවා. ඒ අය වගකීම් විරහිතව කටයුතු කිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපි මුහුණ දෙන්නේ. දැනුත් එහෙමයි.
ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා :
අපේ ජයග්‍රහණය ඉරහද පායනවා වගේ ගලේ කෙටුව හා සමානයි. ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම හදලා ඉවරයි. ජීවන වෘත්තිය උඩට එනවානම් අපේ වෘත්තිකයන් කප්ගහලා උඩට නගිනවා. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. ආරක්ෂක වියදම වසරකට කෝටි 57,000යි. පොලිසියේ 80,000ක් ඉන්නවා. විසිදහසක් ඉන්නේ ප්‍රභු ආරක්ෂක සේවයේ. ප්‍රභු ආරක්ෂක සේවයට විතරක් මිලියන 5800ක් වියදම් කරනවා.
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්රවිණ රංගධර සෞම්‍ය ලියනගේ මහතා :
මේ රට පාලනය කළ පක්ෂ හා කල්ලි කණ්ඩායම් විසින් අප බරපතල ආගාධයකට ඇදගෙන ගොස් තියෙනවා. දෙවතාවක් හිතන්න කාලයක් නැහැ. විශ්වවිද්‍යාල ප්‍රජාව, උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරවීමට එකතුවෙලා ඉන්නවා. අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිකරවීමට සක්‍රීයව දායක වෙමින් ඉන්නවා. මේ රට පාලනය කරපු පවුල් දේශපාලනය හා ප්‍රභු දේශපාලනය, සහමුලින් තිත තබන දිනය තමයි 21 වැනිදා. මේ රටට තවදුරටත් ප්‍රභුන් අවශ්‍ය නැහැ. ජනතාව තමයි ප්‍රභුන් මේ වෙනස කළහැකි එකම සාධකය තමයි ජනතාව. ජනතාව ලබාදුන් බලය වසර 75ක් තිස්සේ මේ රටේ ප්‍රභු පැළැන්තිය අවභාවිතා කළා. මේ රට දූෂණ අක්‍රමිකතා සහ කැත අධර්මිෂ්ඨ තැනකට ගමන් කර තියෙනවා. අපිට හෘද සාක්ෂියෙන් මිදෙන්න බැහැ. රටක් පරිවර්තනය කරන්න දේශපාලන අධිෂ්ඨානයක් තියෙන්න ඕන. අනුර කුමාර දිසානායක සහෝදරයා ඡන්ද කෝටියකින් දිනවන්න. දැන් බිල්ලෝ මවනවා. මේ රට ගොඩනැගීමේ සාමුහික ප්රයත්නය 21 වැනිදා සිට ආරම්භ කරනවා.