Local

අගමැති ධුරයේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය

Tuesday, 24 September 2024 - 7:29 pm

මෙරට නව අග්‍රාමාත්‍ය ධුරයේ ආචාර්ය හරිනි අමරසූරිය, අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසගත වනවා.

මීට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළා.

එමෙන්ම හරිනි අමරසූරිය මෙරට 16 වන අග්‍රාමාත්‍යවරයා වනවා.

1970 වසරේදී කොළඹ දී උපත ලැබූ හරිනි නිරේකා අමරසූරිය, කොළඹ බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා තිබෙනවා.

නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ඡ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළ ඇය දිල්ලි විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය සිය ප්‍රථම උපාධිය ලෙස ලබා ගත්තා.

2020 වසරේදී ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

මීට අමතරව සිඩ්නිහි මැක්වරි විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාරික මානව විද්‍යාව සහ සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද හිමි කරගෙන ඇති ඇය 2011වසරේදී එඩින්බරෝ සහ ක්වීන් මාග්‍රට් විශ්වවිද්‍යාලවලින් සමාජ මානව විද්‍යාව, අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යයනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හිමි කරගෙන තිබෙනවා.

තරුණ විරැකියාව, ස්ත්‍රීවාදය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අසමානතාවය, ළමා ආරක්ෂණය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයේ අකාර්යක්ෂමතාව පිළිබඳ වූ පර්යේෂණයන් හි විශේෂඥවරියක ලෙස ද ඇය ප්‍රසිද්ධියට පත්වුණා.

එමෙන්ම හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය: යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, සංවර්ධනය, රාජ්‍ය-සමාජ සබඳතා, ළමා ආරක්ෂාව, ගෝලීයකරණය සහ සංවර්ධනය පිළිබඳ පොත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකාවක් ලෙස ද කටයුතු කළ අතර නිදහස් අධ්‍යාපනය ඉල්ලා උද්ඝෝෂණවලට සම්බන්ධ ක්‍රියාකාරිනියක ලෙසද කටයුතු කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT