Local

නවක වදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක්

Wednesday, 25 June 2025 - 5:25 pm

නවක වදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කර තිබෙනවා.

විෂය භාර අමාත්‍යවරිය වන, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව විසින් මෙම කාර්ය සාධක බළකාය පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ශිෂ්‍යයන්ගෙන්, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශ්ව හරහා සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් මෙන්ම, එම පාර්ශ්වවලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයන්ට සිදුවන හිංසනයන් නැවැත්වීම මෙම කාර්ය සාධක බළකායේ ප්‍රධාන අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මෙම කාර්ය සාධක බළකායේ සාමාජිකයන් ලෙස 16 දෙනෙක් ඇතුළත් කර ඇති අතර, ඉදිරියේදී මෙම කාර්ය සාධක බළකාය යටතේ විශ්ව විද්‍යාල මට්ටමින් සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මට්ටමින් ඒකක පිහිටුවීමට ද යෝජනා වී තිබෙන බවයි වැඩදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT