පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් අද (25) උදෑසන මහියංගනය, තිස්සපුර, PTS මංසන්ධියේ දී අනතුරට ලක්වීමෙන් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එම අනතුරෙන් තුවාල ලැබූ අය ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
බස් රථයේ තිරිංග අක්‍රියවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.