Local

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

Monday, 02 June 2025 - 4:04 pm

කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් (02) දින උදෑසන 8:30ට පමණ අනතුරට පත් වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පැවසීය.

එම බස් රථය වටවල දියගල නෝර්ටන්බ්‍රිජ් හරහා මස්කෙළිය දක්වා ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ එක්වරම ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය එක්වරම රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය මාර්ගයේ වම්පස කාණුවකට වැටී  නතර වී ඇත.

අධික බෑවුමක් සහිත ස්ථානයකදි බස් රථය අනතුරට පත් වි ඇති අතර, බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල 20 දෙනෙකු පමණ ගමන් කර ඇති බවයි නෝර්ටන්බ්‍රිජ් පොලිසිය කියා සිටියේය.

බස් රථය අනතුරට පත් වීම නිසා එම මාර්ගයේ බර වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.


Top Stories
wedivistara

අයහපත් කාලගුණයෙන් සිදුවූ වගා හානි තක්සේරු කිරීම ආරම්භ කෙරේ

wedivistara

ලක්ෂ 80ක් වංචා කළැයි කෙහෙළියට පුතාට ඇප

wedivistara

ජනපතිවරණ සමයේ රනිල් දුන් මත්පැන් බලපත් පිළිබඳ විස්තර උසාවියට ඉල්ලයි

wedivistara

හිටපු ඇමැති පියසේන ගමගේගෙන් අල්ලස් කොමිසම පැය 2ක් ප්‍රශ්න කරයි

wedivistara

A330-200 ගුවන්යානය අද දිවයිනට

wedivistara

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT