International

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා

Friday, 30 May 2025 - 6:58 pm

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර හමාස් සංවිධානය සමඟ පවතින ගැටුමෙන් ඔබ්බට ගොස් ඇතැයි යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සංගමයේ ඉහළම රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක වන කජා කල්ලාස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සෙසු සහනාධාර නියෝජිතයන් යටපත් කර අමෙරිකාවේ සහයෙන් ඊශ්‍රායලය ආරම්භ කළ මානුෂීය ආධාර බෙදාහැරීමට නව මාදිලියේ වැඩසටහනට යුරෝපා සංගමය කිසිදු සහයක් ලබා නොදෙන බවය. පෞද්ගලික ආරක්ෂක කණ්ඩායමක් යොදා ගනිමින් ඊශ්‍රායලය ආරම්භ කළ ගාසා තීරයේ ආහාර බෙදා හැරීමේ නව වැඩසටහන සම්බන්ධව අදහස් පළ කරමින් ඇය සඳහන් කර ඇත්තේ මානුෂීය ආධාර පෞද්ගලීකරණය කිරීමට යුරෝපා සංගමය සහය නොදක්වන බවය.

සිවිල් වැසියන්ට යුද්ධය බලපා ඇති ආකාරය බැලීමේදී එය හමාස් ත්‍රස්තවාදයට එරෙහිව සිදු කරන යුද්ධයක් ලෙස සාධාරණය කළ නොහැකි බවට පසුගියදා ජර්මානු චාන්සල් ෆෙඩ්රිච් මර්ස් කළ ප්‍රකාශය සිහිපත් කරමින් කජා කල්ලාස් අවධාරණය කර ඇත්තේ ගාසා තීරයට වැඩිම මානුෂීය ආධාර සපයන යුරෝපා සංගමය බවය. එහෙත් ඊශ්‍රායල හමුදාව ඉන් වැඩි ප්‍රමාණයක් පලස්තීනුවන්ට ලබාගත නොහැකි ආකාරයෙන් සීමා පනවා ඇතැයි ඇය සඳහන් කර තිබේ.


Top Stories
wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

wedivistara

දුමින්ද දිසානායක ජූලි 15 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි


NEWS ALERT