Local
බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.
Sunday, 06 July 2025 - 8:46 am
බදුල්ලේ ඩිපෝ සංචාරයක යෙදුන ලංගම සභාපතිවරයා එහි සේවකයකුට මාධ්‍ය ඉදිරියේ ඔහුගේ ආත්ම ගෞරව කෙලෙසමින් කරන ලද ප්‍රකාශ පිලිබදව බදුල්ල බස් මගීන්ගේ සංගමයේ
සභාපති පුලස්ති වන්නිආරච්චි මහතා තම විවේචනය මුහුණු පොතේ මෙසේ සටහන් කර තිබුණි. බදුල්ල ප්‍රදේශයේ විශාල පිරිසක් එම සටහන තුල ලංගම සභාපතිවරයාට තම විරෝධය පලකර තිබුණි. එම සේවා ස්ථානයේ සේවක මහතුන් අපවෙත දන්වා සිටියේ එම නිලධාරියා ඉතාමත් අහිංසක මෑත කාලයේ සේවයට පැමිණි නිලධාරියෙක් බවය.
බදුල්ලේ ඩිපෝවේ නොවෙන සමාවායේ ඊයේ සිදුවූ සිදුවීම හරිද?
-----------------------------------------------------------
ඊයේ ලංගමයේ සභාපති බදුල්ල සමවාය බස් අලුත්වැඩියා කරන අංගනයේ සිටි නිලධාරියෙකුට බැන වදින ආකාරය දුටිමි. බදුල්ල සමවාය සහ බදුල්ල ඩිපෝව යනු ස්ථාන දෙකකි. මා දැනගත් කාරණය අනුව බැනුම් අසන නිලධාරියා බදුල්ල සමවායට පැමිණ මාස දෙකකි. අවසානයේ සභාපති අපරාදේ කලින් කියන්න එපැයි කියා ගොස් ඇත. මාධ්ය ඔහුගේ මුහුණ නිරාවරණය කරමින් බැන වදින ආකාරය මුලු සමාජයටම පෙන්වන ලදී. කතාව ඇත්ත නම් මෙහිදී එම නිලධාරියාට සිදුවූ අපහසුතාවය පිලිබඳව කණගාටුවෙමි. සෑම මනුස්සයෙකුටම ආත්ම ගෞරවයක් ඇත. සමාජයේ කිසිවෙකුට එය කෙලසීමට අයිතියක් නැත.
රජයේ නිලධාරීන් මෙසේ අපහසුතාවයට පත් කිරීම තුලින් ඔවුන්ගේ ආත්ම ගෞරවයට යම් හානියක් සිදුවන බව මගේ හැගීමයි. සේවකයෙක්ට උසස් නිලධාරියෙක් බැන වදිනවා නම් ඒ කරන ක්රමයක් ඇත. ඔහුගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම උසස් නිලධාරියාගේ වගකීමය. මන්ද ඔහු පසු දින සිට අදාල ආයතනයේ ඔහුගේ යටතේ ඇති අනික් සෙසු නිලධාරීන්ට සේවකයන්ට උපදෙස් ලබාදුන්නට ඔවුන් අවඥාවෙන් ඒ සියලුදේ බැහැර කරනු ඇත. එවිට ආයතනයක පරිපාලනය සිදුකරගැනීමට නොහැකිව ආයතනය යම් පසු බැසීමට ලක්වීම වැලැක්විය නොහැක. සමහර විට බැනුම් අසන නිලධාරියා හොද අවංක නිලධාරියෙක් වන්නට පුලුවන. මාධ්ය සංදර්ශණයකට මේ ආකාරයෙන් ක්රියාකිරීම පාලකයකුට ඔබින නොවන බව ලංගමයේ සභාපතිට පෙන්වා දෙන්නට කැමති. හැකි නම් ඔය හැසිරීම හදාගන්න. සෑම පුද්ගලයකුම අධිකරණයෙන් වරදකරුවෙකු වනතුරු අපට වරදකරුවෙකු කල නොහැක. සෑම සිද්ධියකම අප නොදන්නා කොටසක් ඇත.
කැමරා වලට පේන්න මිනිස්සුන්ගේ රෙදි ගැලැව්වා කියලා ආයතන ප්රශ්ණ විසදෙන් නෑ. ඒවාට තමයි ආයතන වල මානව සම්පත් කළමණාකරණය කියලා කොටසත් තියෙන්න ඔන. එකෙන් වාර්ෂිකව ඇගයීම් කරලා වැඩ නොකරන වගේම ආයතනයේ හොරකම් කරන පිරිසගේ සේවය අත්හිටවන්න පුලුවන්. නැතුව මේ ගහලා තලලා පෙලලා එලියට ඇදලා දාන්න කියන් එක හපන්කමක් නෙවෙයි. පරණ බස් තියෙනවා නම් ඒ බස් ධාවනයෙන් ඉවත් කරන්න ඔන. අලුත් බස් ඒ වෙනුවට ගෙනත් දෙන්න ඔන. අමතර කොටස් නැතුව නතර වෙච්ච බස් තියෙනවා නම් ඒවා ගෙනල්ලා දෙන්න ඔන. ඔවා තමයි ගන්න ඔන තීන්දු තීරණ.
මාධ්ය ක්ෂේත්රයේ කටයුතු කරන කෙනෙක් මෙන්ම බදුල්ල බස් මගීනගේ සංගමයේ සභාපතිවරයා ලෙස මා මෙම සිද්ධිය විවේඡනය කරමි.අප සැමට ගුණාත්මක සේවයක් අවශ්ය බව සැබෑව. බදුල්ල බස් මගීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කාලයක් විදිමත් සේවයක් ජනතාවට තිළිණ කිරීම උදෙසා කැපවූ අතර බදුල්ල බස් සේවයේ විදිමත් බවේ අඩුපාඩු නිසා බස් මගීන් විදින දුක් කම්කටළු අපමණය. ඒවා ගැන නිතර නිතර පහුගිය කාලය මුලුල්ලේ පෙන්වා දී ඇත. ඒවා මුලින් නිවැරදි කිරීම ලංගමේ වගකීම ලෙස දකිමි. එමෙන්ම මාධ්ය වාර්තාකරණයේ අඩුපාඩුද මේ සිද්ධිය ඔස්සේ දකිමි. - පුලස්ති වන්නිආරච්චි