පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා ඇතුළු කණ්ඩායම අද උදෑසන 6.30 පමණ වන විට මහව වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයේ දැනට රෝගාතුරව සිටින භාතිය ඇතා සිටින ස්ථානයට පැමිණ හස්තියාට ප්‍රතිකාර කිරීම යළි ආරම්භ කර ඇත.
වැලි කොට්ට ආධාරයෙන් සකස් කළ ස්ථානයක ඊයේ හස්තියා ස්ථානගත කර තිබුණද රාත්‍රී කාලයේ හස්තියා එම ස්ථානය වෙනස් කර මද දුරක් රූටා ගමන් කර තිබේ.
ප්‍රෝටීන් ඇතුළු හස්තියාට මේ මොහොතේ අවශ්‍ය පෝෂක මෙන්ම තුවාල කිහිපයක් ඇති නිසා ප්‍රතිජීවකද ලබාදීමට අදත් පියවර ගෙන ඇත.
හාස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මහාචාර්ය අශෝක දංගොල්ල, වනජීවී පශු වෛද්‍ය ඒකකයේ ප්‍රධානී තාරක ප්‍රසාද් යන මහත්තුරු දැනුවත් කරමින් ඉදිරි ප්‍රතිකාර කටයුතු ක්‍රියාත්මක කරන බව පශු වෛද්‍යය තරිඳු විජේකෝන් මහතා සදහන් කළේය.
මේ අතර මහව වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඊයේ රාත්‍රී සිටම එම ස්ථානයේ රැඳී සිටිමින් හස්තියාට ආහාර ලබා දීමට කටයුතු කර තිබුණි. අද අලුයම් කාලයේද භාතිය ආහාර ලබාගෙන ඇති බව වාර්තා වේ.
තොරතුරු – අසංක නිලගරත්න