සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (06) විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ් අනුව රත්නපුර, ඇඹිලිපිටිය, සීතාවකපුර හා කෑගල්ල පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි, ඊයේ (06) රාත්‍රී 6.00 සිට රාත්‍රී 10.00 දක්වා මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදා නිලධාරින් 900 ක් පමණ යොදාගත් බව සඳහන්.
එම සෝදිසි මෙහෙයුමේදී මාර්ග බාධක 32 ක් යොදා ඇති බවත්, එහිදී වැටලීම් සහ විශේෂ මෙහෙයුම් වලදී පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධ වාර්තාව පහතින්.
