Local

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

Monday, 07 July 2025 - 5:42 pm

විදේශීයක සිට මෙරට සිටින තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී, එම සේවා සැපයීම්වලට අදාළව එකතු කළ අගය මත (VAT) බද්ද අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය අනුව, පහත සඳහන් කර ඇති සේවා රැසකට 18% ක එකතු කළ අගය මත බද්ද (VAT) අය කිරීම සිදු කරන බවයි සඳහන් වෙන්නේ.

* සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම (SaaS)* මාර්ගගත වෙළෙඳසැල් (Online Stores)

* ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය (Online Marketing)

* සයිබර් ආරක්ෂණ සේවා (Cyber security)

* තොරතුරු තාක්ෂණ සහාය සහ කළමණාකරණය කළ සේවා

* වීඩියෝ, සංගීතය හා සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා (Netfilx, Spotify ඇතුළු Subscription සඳහා)

* මාර්ගගත බැංකුකරණය (Online Banking)

* සමාජ මාධ්‍ය වේදිකා (Social media platforms)

* ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා (On-Demand Service Platforms)

* වෙළෙඳපොළ වේදිකා

* සූදූ ක්‍රීඩා වේදිකා

* හෝටල් වෙන් කිරීම් මෙන්ම ටිකට්පත් වෙන් කරවා ගැනීම් සඳහා යෙදවුම්

එසේම ගැසට් පත්‍රයේ සඳහන් කර නොමැති වුව ද, විදේශයක සිටින තැනැත්තෙකු ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකුට සපයන ඕනෑම සේවාවක් මෙම වැට් බද්දට යටත් වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්.

 

news images news images news images news images
 
 


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT