Local
අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි
Sunday, 15 June 2025 - 6:30 pm
අභිරහස් ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් වැවකින් වතුර ගලා බසින ඇළක් ළඟ තිබී අද (15) සොයාගෙන තිබෙනවා.
මැදවච්චිය, සංගිලිකනදරාව වැවේ ඇළක් ළඟ තිබියදී සිරුර සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
පොලිසියට ලද ලද තොරතුරක් අනුවයි මැදවච්චිය පොලිස් නිලධාරීන් විසින් මළ සිරුර සොයාගෙන තිබෙන්නේ.
මිය ගොස් ඇත්තේ මැදවච්චිය, සංගිලිකනදරාව, සභාපතිවත්ත පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.
මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.