Local

අධ්‍යාපන අමාත්‍යාංශයේ, ඩෙංගු චක්‍රලේඛයට, විදුහල්පතිවරුන්ගේ විරෝධය

Tuesday, 10 June 2025 - 12:34 pm

ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පාසලකින් වාර්තා වුවහොත් එම විදුහල්පතිවරුන්ට එහි වගකීම පවරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරනවා. 

 
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ, ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සඳහන් කළේ, වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් විසි පන්දහස් පන්සිය පහක් වාර්තා වී ඇති බවයි. 

එමෙන්ම පාසල් දරුවන් රැසක් ද ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගයට මේ වනවිට ගොදුරුවී ඇති බව සෞඛ්‍ය අංශ මීට පෙර ප්‍රකාශ කළා. 
 
එවන් පසුබිමකයි ඩෙංගු සහ චිකුන්ගුන්යා නිවාරණය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලු‍ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත නව උපදෙස් පත්‍රිකාවක් පසුගියදා නිකුත් කර තිබුණේ. 
 
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ පත්‍රිකාවේ දැක්වෙන්නේ සියලු‍ පාසැල් පරිශ්‍ර මදුරුවන් බෝ නොවන ලෙස පවත්වාගෙන යාම සඳහා අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි පාසැල් මගින් සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි. 
 
පාසැල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු හා ඩෙංගු මර්දන කමිටු සක්‍රීය කර පිරිසිදු කිරීම් සඳහා සනීපාරක්ෂක කම්කරු, පාසැල් කම්කරු හා උද්‍යාන කම්කරු යන අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත වගකීම් පැවරීම හා පාසැල් සංවර්ධන සමිති, ආදිශිෂ්‍ය සංගම් හා මව්පිය සහය ඊට ලබා ගත හැකි බව ද එහි සඳහන්. 
 
එමෙන්ම, ඩෙංගු සහ චිකුන්ගුන්යා මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීම සඳහා නිරන්තර ක්ෂේත්‍ර පරීක්ෂා කෙරෙන බැවින් යම් හෙයකින් පාසැල් පරිශ්‍ර තුළ එවැනි ස්ථාන හඳුනා ගතහොත් අදාළ පාසැලේ විදුහල්පතිවරයා පෞද්ගලිකවම වගකීමට බැඳෙන බවද එම නිවේදනයේ දැක්වුණා. 
 
කෙසේ වෙතත්, විදුහල්පති ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය කොළඹ ඊයේ කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව සදහන් කළේ, චක්‍රලේඛයට විරෝධය පළකරන බවයි.


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

wedivistara

පොසොන් දින පණිවුඩ


NEWS ALERT