Local

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

Tuesday, 10 June 2025 - 12:39 pm

‘පරිසමාප්ත ජීවිතයක් - සුවපහසු රටක්’ යන රජයේ දැක්මට අනුව, ‘තිරසාර ජෛව ලෝකයක් - සදාහරිත ජීවිතයක්’ යන සංකල්පය යතාර්ථයක් කර ගැනීම වෙනුවෙන්, සාගර සහ වෙරළ කලාපයේ තිරසාර පැවැත්ම සඳහා කැපවන නාවික හමුදාව, ජුනි මස 05 වැනි දිනට යෙදුනු ලෝක පරිසර දිනය වෙනුවෙන් 2025 ජුනි මස 04 සහ 05 දෙදින, නැගෙනහිර, උතුර සහ ගිණිකොණ නාවික විධාන කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරුණු පරිසර හිතකාමී වැඩසටහන් සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන් හා එක්ව ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනය විසින් මූතූර් සුදෙයිකුඩා ප්‍රදේශයේ පොල් පැල රෝපණය කිරීම, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මූතූර් හා සාම්පුර් පොලිස් ස්ථාන එක්ව සිදු කෙරුණි.

උතුරු නාවික විධානයේ කන්කසන්තුරේ, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතන පරිශ්‍රය තුල ඖෂධීය පැලෑටි රෝපනය කිරීම, ලින්ක් නැචුරල් පෞද්ගලික ආයතනයේ සහයෝගීත්වයෙන් සිදු කෙරුණු අතර, යාපනය මන්ඩතිව්, කරෙයිනගර්, පුන්ගුඩුතිව්, කයිට්ස්, මාදගල් සහ ඩෙල්ෆ්ට් යන උතුරේ දූපත් සහ ගොඩබිම් ප්‍රදේශ ආවරණය වන පරිදි පොල් සහ කජු පැල රෝපනය කිරීම; ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන, එළාර, ගෝඨයිම්බර, කංචදේව, අග්බෝ සහ වසභ යන ආයතනයන්ගේ දායකත්වයෙන් සිදුකෙරිණි.

තවද, ආරුගම්බේ වෙරළ තීරයේ සුන්දරත්වය සහ ආකර්ශනීය බව ප්‍රතිස්ථාපනය කරමින්, එම වෙරළ තීරයේ විසිර තිබූ අපද්‍රව්‍ය පරිසර හිතකාමි ලෙස බැහැර කිරීම, ගිණිකොණ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග සහ දීඝායු ආයතන විසින්; ආරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකාය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යන ආයතනයන්ගේ සහයෝගීත්වයෙන් සිදුකෙරිණි.

 
 


Top Stories
wedivistara

මුහුදෙන් ගෙන ආ ලක්ෂ 400 ක් පමණ වටිනා කේරළ ගංජා අල්ලයි

wedivistara

ලෝක රුධිර පරිත්‍යාගශීලින්ගේ දිනය අගමැතිනියගේ සහභාගිත්වයෙන් සමරයි

wedivistara

ගවයකු බැඳි ලණුවක පැටලී මීටර් 800ක් දුර ඇදී ගොස් තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට

wedivistara

ප්‍රදේශ කිහිපයකට තද වැසි

wedivistara

වෛද්‍යවරුන් වර්ජන සුදානමක

wedivistara

අභිරහස් කාන්තා මළ සිරුරක් ඇළකින් හමුවෙයි

Trending
wedivistara

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

wedivistara

ලෝක පරිසර දිනය වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් සඳහා නාවික හමුදාවේ සමාජ සත්කාරක දායකත්වය

wedivistara

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

wedivistara

පොසොන් දින පණිවුඩ


NEWS ALERT