Local

ආණ්ඩුවෙන් කෝටි 100ක් ඉල්ලා විමල් නඩු දමයි..

Monday, 12 August 2024 - 9:21 pm

අවිධිමත් ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනා කරමින් අනීතිකව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ ආගමන විගමන නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(12) දිනයේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.
විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි විමල් වීරවංශ මහතා 2015 වසරේදී විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්තාවේදී ආගමන ව්ගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරා තිබුණි. වසර 8ක කාලයක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කිරීමට පසුගිය අප්‍රේල් මාසයේදී නියෝග කෙරිණි.

එම නඩුවේදී විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ප්‍රශ්නගත ගමන් බලපත්‍රය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර හෝ ව්‍යාජව සැකසූ එකක් නොවන බවට සිය කරුණු දැක්වීම් හා හරස් ප්‍රශ්න කිරීම්වලදී ඔප්පු කිරීමට සමත් විය. එම කරුණු සලකා බැලූ මීගමුව මහේස්ත්‍රාත්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කෙරුණු අතර අක්‍රිය ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කිරීම අපරාධමය වරදක් නොවන බවත් මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇති ගමන් බලපත්‍රය කූඨ ලෙස හෝ ව්‍යාජව හෝ සැකසූ එකක් නොවන බවට ඔප්පු වී ඇති බවත් එම නියෝගයේ සඳහන් වේ.

ඒ අනුව, එකී නඩුව ද්වේශ සහගතව පවරා, පවත්වා ගෙන යාමෙන් තමන්ට දැඩි මානසික හා ශාරීරික වේදනාවන්ට මුහුණ දීමට සිදු වූ බවත් තම කීර්ති නාමය සහ සමාජ ගෞරවය පහත හෙළා ඇති බවත් සඳහන් කරමින් අසත්‍ය හා ද්වේශ සහගත පැමිණිල්ල සිදු කළ නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලා විමල් වීරවංශ මහතා කොළඹ දිසා අධිකරණයේ මෙම නඩුව අද ගොනු කරනු ලැබුවේය.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එවක හිටපු නිලධාරීන් විත්තිකරුවන් කරම්න් මෙම නඩුව ගොනු කර ඇති අතර සාධාරණ පරීක්ෂණයක් සිදු නොකර, අපරාධමය වරදක් නොවන බවට දනිමින්ම එම නිලධාරීන් විසින් ද්වේශ සහගතව තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවරූ බව ද වන්දි ඉල්ලා අද ගොනු කළ පැමිණිල්ලේ සඳහන්ය. නීතිඥ දිනේශ් ද සිල්වා, නීතිඥ සිනෙත් බණ්ඩාර , නීතිඥ තිළිණි පෙරේරා ඇතුළු නීතිඥවරුන් පිරිසක් විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ එම නිලධාරීන් එවක බලයේ සිටි යහපාලන ආණ්ඩුවේ දේශපාලඥනයින්ගේ අවශ්‍යතාවට හෝ උපදෙස් මත එලෙස ක්‍රියා කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවය.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT