International

ඉරාන විදේශ ඇමති රුසියානු ජනපති හමුවෙයි

Monday, 23 June 2025 - 8:06 pm

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් අද සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී රුසියානු ජනාධිපති පුටින් ඉරාන විදේශ අමාත්‍යවරයාට පවසා ඇත්තේ ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් සිදුකර ඇති ප්‍රහාරය තමන් හෙළා දකින බවයි.

 

එක්සත් ජනපද සතුරුකම් පදනම් විරහිත සහ යුක්ති සහගත නොවන බවද රුසියානු ජනාධිපතිවරයා ඉරාන විදේශ අමාත්‍යවරයා හමුවේදී පවසා ඇති බව වාර්තා වේ.

අමෙරිකාව විසින් ඊයේ (22) දින ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ තමන් අද දිනයේදී රුසියානු ජනාධිපතිවරයා හමුවේ සාකච්ඡාවක නිරත වන බවයි.

ඒ අනුව ඉරාන ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර මෙම හමුව ක්‍රෙම්ලිනයේදී පැවැත්විණි.

“ඔබ අද මොස්කව්හි සිටීම ගැන මම ඉතා සතුටු වෙනවා. මේ සියලු දුෂ්කර විෂයයන් සාකච්ඡා කිරීමට සහ අද පවතින තත්වයෙන් මිදීමට මාර්ගයක් සොයා ගන්නේ කෙසේදැයි එකට සිතීමට එය අපට අවස්ථාව ලබා දෙනවා” යනුවෙන් රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ නමුත් ආරම්භයේදී මොස්කව්හිදී විදේශ අමාත්‍යවරයා දැකීම ගැන තමා සතුටු වන බවත් සඳහන් කළ රුසියානු ජනාධිපතිවරයා තමන් ඉරාන ජනතාවට සහාය පළ කරන බවත් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ තම රටට රුසියාව සමග ඉතා සමීප සහ මිත්‍රශීලි සබඳතා ඇති බවත් එම සබඳතා උපායමාර්ගික ස්වභාවයක් දක්වා වර්ධනය වී ඇති බවත් ය.

 

එමෙන්ම ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාර ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බවද ඉරාන විදේශ අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT