Local

පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයාගේ වැටුප් වැඩිකරනවා - ජනපති

Wednesday, 30 October 2024 - 8:02 pm

පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ 'රට හදන අපි එකට මාලිමාවට' යන තේමාවෙන් අද (30) පස්වරුවේ මාතර පැවති ජනතා රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

'ඒ අය දන්නවා අපි බලය අරගෙන ඉතා කෙටි කාලයයි. අපිට බලය තියෙන්නේ ස්ථාන කිහිපයක විතරයි. දේශපාලන බලය සමාන්‍යයෙන් තහවුරු වෙන්නේ ආයතන ගාණනාවක ශක්තිමත්භාවයෙන්. ජනාධිපති ධුරය දේශපාලන බලයේ හොඳ ශක්තිමත් තැනක්. කැබිනට් මණ්ඩලය හොඳ ශක්තිමත් තැනක්. හැබැයි කැබිනට් මණ්ඩලයේ ඉන්නේ අපි තුන්දෙනයි. ජනාධිපති අගමැති ඇමති. ලෝකේම ඉතිහාසගත වෙන කැබිනට් මණ්ඩලයක්. එතකොට එයාලා කල්පනා කරනවා ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් ඇතිවීමට ඉඩ නොදී මේක හොල්ලන්නේ කොහොමද කියලා. ඒ සඳහා තමයි ඉතාමත් අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණ කරන්න පටන්ගෙන තියෙන්නේ. ඉතාමත් අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටිනවා. රජ්‍ය සේවකයින්ට වැඩි වැඩි කරන්න තීන්දු කළාලු, සල්ලිත් වෙන් කරාලු. කැබිනට් මණ්ඩලයත් අනුමත කරාලු. ඉතින් දෙන්න තිබුණා නේ. ඔයා අනුමත කරාත් එකයි නැතත් එකයි. සල්ලි වෙන් කරත් එකයි නැතත් එකයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළවෙනි අයවැය ලේඛනයෙන්ම පඩි වැඩි කරනවා. මේ සමාජය තුළ දෙදරීමක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ජනාධිපතිවරණයෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගෙනදුන්නේ ජාතික ජන බලවේගයට රාජ්‍ය සේවකයා. ඒ නිසා එතන බිඳවට්ටන්න මේ වගේ අසත්‍ය කරුණූ ඉදිරිපත් කරනවා. මාසයයි, දෙකයි, තුනයි මේක වැටෙයි කියනවා. මතක තියාගන්න ජාතික ජන බලවේගය මේ ගොඩනගපු ආණ්ඩුව නතර වෙන්නේ මේ රට හදලා මිස මේ ආණ්ඩුව නතර කරන්න බැරි බවත් මතක තියා ගන්න.'


Top Stories
wedivistara

හොරකම්, මංකොල්ලකෑම් සම්බන්ධයෙන් අපිට චෝදනා නෑ - දයාසිරි

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

ළමා ආරක්ෂණයට පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක්

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ පුද්ගලයින් 07 ක් නාවික හමුදා භාරයට

wedivistara

රුපියල් කෝටි 02 ක් වටිනා විස්කි සහ දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT