Local

රාජ්‍ය නියෝජිතයෝ රැසක් ශ්‍රී ලංකාවට

Sunday, 18 February 2024 - 12:20 pm

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීමට රාජ්‍ය නියෝජිතයෝ රැසක් ශ්‍රී ලංකාවට පැමිණෙති.

මෙම සමුලුව හෙට (19) ආරම්භවීමට නියමිතය. එම සමුළුව හෙට සිට සිට 22 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ.

මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල්42ක නියෝජිතයින් සහභාගි වන අතර ඉන් රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්ම නිලධාරින් ද 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය. මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යවරු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරු හා නියෝජිතයින් රැසක් මේ වනවිට පැමිණ සිටිතී.

ඒ අතර ටොන්ගා, පලාවු, වනුවාටු, ෆීජි, නේපාල්, සැමෝවා, මාර්ශල්, ඉරාන්, ජපාන්, නියු, ඉන්දුනිසියා, වියෙට්නාම්, තායිලන්තය, පිලිපීනය, වැනි රටවල් ගණනාවක නියෝජිතයෝ පැමිණ සිටිති.

අද (18) දින පෙරවරුවේ එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානියා වන ආචාර්ය Qu Dongyu මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එමෙන්ම ඒ මහතා ඇතුළු පිරිස මධ්‍යහ්න 12ට වැලිපැන්න, පැලවත්ත අතුකෝරළ තේ කර්මාන්ත ශාලාව හා වතුයාය නිරීක්ෂණය කිරීමට නියමිතය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ආරාධනය පරිදි මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කරන අතර ඉන් පසු පස්වරු 3.00ට අගලවත්ත රබර් පර්යේෂණායතනය නිරීක්ෂණය කිරීමට ඒ මහතා සහභාගි වේ.

එම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද සහභාගි වේ.

මීට අමතරව හෙට දින (19) නිල වශයෙන් 37වන ආසියා පැසිපික් සමුළුව ආරම්භ කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා රටවල් කිහිපයක කෘෂිකර්ම අමාත්‍යවරු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා ඇරඹීමට නියමිතය.

මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු යොදා තිබේ.

පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එක්වර සහභාගි වන එකම සමුළුව මෙම සමුළුව බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එමනිසා මෙම සමුළුව අප රටට ඉතාමත් වැදගත් වන අතර 2026 දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT