Business

නොනිදන කොළඹ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

Tuesday, 27 May 2025 - 7:11 pm

කොළඹ නගරයේ රාත්‍රී කාලයේ සංචාරක කටයුතු නංවාලීමෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් 'නොනිදන කොළඹ' නමින් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

'සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමය: නොනිදන කොළඹ' (Marine Nights: Awakening Colombo) යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර, මෙමගින් කොළඹ නගරය වෙත පැමිණෙන සංචාරකයින්ට ලැබෙන අත්දැකීම් ප්‍රමාණය වැඩි කර, සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා විහිදෙන කිලෝමීටර 7.4ක පමණ දුරකින් යුත් කොළඹ සමුද්‍රීය මාර්ගය (Marine Drive) සංවර්ධනය කිරීමට නියමිතයි.

එහිදී ගාලු මුවදොර කෙළවරේ සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා වූ මීටර 400ක පමණ කොටස පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කෙරෙන බවයි සඳහන් වන්නේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT