Local

රාජ්‍ය නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Friday, 22 December 2023 - 7:39 am

ශ්‍රී ලාංකේය රංග කලා ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට නිර්මාණවලින් සුපෝෂණය කළ කලාකරුවන් හා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේ දී ඊයේ (19) පස්වරුවේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව 50 වැනි වරට රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානොත්ස්වය සංවිධාන කර තිබිණි.

ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව උදෙසා කරන ලද සුවිශේෂ මෙහෙවර වෙනුවෙන් එම්. එම්. එම්. රාවුෆ් සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්වරුන්ට මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සම්මාන පිරිනැමිණ.

ජාත්‍යන්තර වශයෙන් නාට්‍ය කලාවට කරන ලද සේවය වෙනුවෙන් හිරාන් අබේසේකර , එම්. සෆීර්, සුජීව පතිනිසේකර, බී. ඒ සුබුද්ධි ලක්මාලි සහ දේශීය නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා සිදු කරන ලද සේවාව උදෙසා නාලන් මෙන්ඩිස් යන මහත්ම මහත්මීහු වෙනුවෙන් ද මෙහදී සම්මාන පිරිනැමිණ.

ස්වර්ණ ජයන්ති රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද විශේෂ සිහිවටන තිළිණයක් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතින් පිළිගැන්වීය.

නාට්‍ය ඉතිහාසය ඇතුළු නාට්‍ය හා රංග කලාව ආශ්‍රිත ප්‍රදර්ශනයක්ද මීට සමගාමීව පැවැත්වුණ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය නැරඹීමටද එක්විය.

රාජ්‍ය සාහිත්‍ය උපදේශක සභාවේ සභාපති පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමි, සංස්කෘථික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති පරාක්‍රම නිරිඇල්ල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT