Local

දයාසිරිගේ ප්‍රකාශයකට වාරණ නියෝගයක්

Thursday, 05 September 2024 - 8:19 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී  දයාසිරි ජයසේකර මහතා විසින් ඉකුත් දා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සමගි ජන බලවේගයෙන් ඉකුත්දා රජයට එක් වූ වේලු කුමාර් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (05) වාරණ නියෝගයක් නිකුත් කළේය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් ඉකුත් දා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා වේලු කුමාර් මන්ත්‍රීවරයා විසින් ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. 

ඒ අනුව අදාළ ප්‍රකාශය දයාසිරි ජයසේකර මහතාගේ ෆේස්බුක් පිටුවේ සහ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර එය දින 14ක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණි.

 
 


Top Stories
wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT