Local

කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමයේ සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුන් ජනපති සමඟ පිළිසඳරක

Wednesday, 29 November 2023 - 6:20 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ අවට පවතින අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථාන නැරඹීමට අවස්ථාව උදාකර දී ඇත.

ඒ අනුව අද (29) දින කොළඹ රාජකීය විද්‍යාලයේ දේශපාලන විද්‍යා සංගමය සහ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිසුන් 107 දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණි අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද පිළිසඳරකට ද එක් විය.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ රාජකීය විද්‍යාලය තුළින් බිහි වූ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයන් පිළිබඳව එහිදී ජනාධිපතිවරයා විසින් සිසුන් දැනුවත් කළේය.

කොල්වින් ආර් ද සිල්වා මහතා සහ ජේ.ආර් ජයවර්ධන මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ සිසුන් බවට පත්ව සිටි බව මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ජේ.ආර්. ජයවර්ධන මහතා මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධූරයට පත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් බවද පැවසීය.

එසේම වර්තමානයේ ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

රටේ ඉදිරි දේශපාලන නායකත්වය මෙම දරුවන් බැවින් සියලුදෙනා අධිෂ්ඨානශීලිව නිසි පරිදි සිය අධ්‍යාපන කටයුතුවල නිරතවීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය සුභාශිංසන පිළිගැන්වීය.

තරුණ කටයුතු සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර, සහකාර අධ්‍යක්ෂ ( ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ) මේජර් ඩී.ජී.එන්.පී දන්ගොල්ල යන මහත්වරු සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT