Local
මාරවිල ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර කසළ වළකින් හමුවෙයි
Friday, 04 July 2025 - 5:38 pm
දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටි මාරවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ මළසිරුර වෙන්නප්පුව ප්‍රදේශයේ කසළ වළකින් සොයාගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගේ මිතුරෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
ඔහු පසුගිය 30 වනදා සිට අතුරුදන්ව ඇති බවට වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක්ද ලැබී තිබුණා.