ජූලි 07 වැනිදා පෙරවරු 08.30 සිට පස්වරු 08.30 දක්වා පැය 12ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මේ හේතුවෙන්, පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ සහ කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක් සඳහා ජල සැපයුම අත්හිටුවන බවයි සඳහන් වෙන්නේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන් හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
