Local

කොරල්පර පර්යේෂකයන් විශ්මයට පත් කරන සොයා ගැනීමක්

Saturday, 20 January 2024 - 1:57 pm

ලොව විශාලතම කොරල්පරය අත්ලාන්තික් සාගරයෙන් සොයා ගෙන ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කරයි.

අමෙරිකාවේ අත්ලාන්තික් වෙරළට ඔබ්බෙන් සිතියම්ගත කර ඇති ගැඹුරු මුහුදේ මෙම විශාලතම කොරල්පරය පිහිටා ඇති අතර ෆ්ලොරිඩාවේ සිට දකුණු කැරොලිනා දක්වා සැතපුම් 310 ක් නැතිනම් කිලෝමීටර් 500ක් දක්වා විහිදෙන කොරල් ගල්පරයකින් යුක්තය. සමහර ස්ථානවල එය සැතපුම් 68 ක් පළලකින් යුක්ත බව සදහන් වේ.

සූර්යාලෝකය විනිවිද නොයන අඩි 655 සිට අඩි 3,280 (මීටර් 200 සිට 1,000 දක්වා) ගැඹුරේ දී මෙම කොරල්පරය හමුව ඇතැයි මාධ්‍ය වාර්තා සදහන් කරයි.

කොරල්පර පර්යේෂකයන් 1960 ගණන්වල සිට අත්ලාන්තික් සාගරයෙන් කොරල්පර ඇති බව දැන සිටියද, දිය යට නව සිතියම්කරණ තාක්ෂණය මගින් සාගර පත්ලේ ත්‍රිමාණ රූප තැනීමට හැකි වන තෙක් ගල්පරයේ විශාලත්වය අභිරහසක්ව පැවතුනි.

ප්‍රභාසංශ්ලේෂණය සදහා කොරල්පර වැදගත් කාර්යක් ඉටුකරන අතර මෙතරම් සාගරයේ ගැඹුරන් ඇති කොරල් ශක්තිය ලබා ගැනීම සඳහා ජලයෙන් ආහාර අංශු පෙරා ගත යුතුය.

ගැඹුරු කොරල්පර මෝරුන්, කඩු මසුන්, මුහුදු තරු, බූවල්ලා, ඉස්සන් සහ තවත් බොහෝ මසුන් සඳහා වාසස්ථාන සපයන බව විද්‍යාඥයෝ පවසති.

ලොව විශාලතම නිවර්තන කොරල්පර පද්ධතිය වන ‘ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය’ සැතපුම් 1,430 (කිලෝමීටර් 2,300) පමණ දුරකට විහිදේ.

ලෝකයේ සාගර පතුලෙන් 25% ක් පමණ ඉහළ විභේදනයකින් සිතියම්ගත කර ඇති බැවින් අනාගතයේ දී විශාල ගැඹුරු මුහුදේ කොරල්පර සොයා ගැනීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාසය පළ කරති.

සාගර පත්ලේ සිතියම් නිර්මාණය කර ඇත්තේ නැව්වල ගෙන යන අධි-විභේදන සෝනාර් උපකරණ භාවිතා කරමිනි.

 
 
 
 


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT