Local

“සභාපතිට කියන්න” – විදේශ රැකියා ජාවාරම්වලට වැටබඳිමින්‚ නව වැඩපිළිවෙළක්

Saturday, 19 October 2024 - 9:42 am

විගමනික ශ්‍රමික ප්‍රජාවගේ නොවිසඳුණු ගැටලු හා ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, කෝෂල වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන තිබෙනවා

ඒ අනුව එම වැඩසටහනට නම් කර ඇත්තේ “සභාපතිට කියන්න ” ලෙසයි

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම කාර්යාංශයේ සභාපති, කෝෂල වික්‍රමසිංහ මහතා පැවසුවේ “නව දැක්මක් සහිතව මෙම ආයතනය ඉදිරියට මෙහෙයවීම සියලු දෙනාගේම වගකීමක් බවයි

එමෙන්ම ශ්‍රමිකයින් එම විදේශ රැකියාවට යෑමේදී අනේකවිද පීඩනවලට ලක්වන අතර විවිධ තරාතිරමේ නිලධාරීන් සහ තැරව්කරුවන් අතරමැදියන් ඔවුන්ගෙන් මුල්‍යමය වාසි අත්පත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම ක්‍රියාවලිය නව රජය මගින් 100% ම නැවැත්වීමේ පළමු පියවර ලෙස, ගැටලු ඉදිරිපත් කිරිමට පොදු ස්ථානයක් නිර්මාණය කර ඇති බව සඳහන්

මේ සදහා සියලුම වර්ගයේ, චෝදනා, විවේචන, දුක් ගැනවිලි සටහන් කර ගැනීමට ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ ” සභාපතිට කියන්න ” යනුවෙන් නව කවුළුවක් ද විවෘත කර තිබෙනවා

එහිදී ” සභාපතිට කියන්න – Talk to Chairman ” නම් මෙම වැඩසටහන මගින් අදාළ ගැටලු සභාපතිවරයා වෙත යොමු කරන අතර, ඒ සඳහා සිය පෞද්ගලික අවධානය එම ගැටලු වෙත යොමු කරමින් ඊට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරනු ලබනවා

ඒ වෙනුවෙන් විශේෂ ඒකකයක් ද කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ස්ථාපනය කර ඇති අතර පැමිණිලි පෙට්ටියක් ද ස්ථාපනය කර ඇති අතර, ඊට යොමු කරන පැමිණිලි සඳහා ද විසඳුම් ලබාදීමට කටයුතු කෙරෙනවා

එමෙන්ම පැමිණිලිකරුවාගේ පෞද්ගලික රහස්‍යභාවය සුරැකීමට ද පියවර ගෙන තිබෙනවා

තවද, 0112 864188 දුරකථන අංක ඔස්සේ ද පැමිණි භාරගනු ලබන අතර, 0717 593 593 යන Whatsasp අංකය ඔස්සේ හා talkchairman@slbfe.lk යන ඊමේල් ලිපිනය ඔස්සේ ද පැමිණි යොමු කිරීමට අවස්ථාව සැලසෙනවා

මීට අමතරව විගමනික ප්‍රජාවගේ ගැටලු විශ්වාසවන්තව ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හා කාර්යාංශය මගින් වඩාත් හිතකර හා සුහදශීලි සේවාවක් ජනතාවට ලබාදීමට මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, සාම්ප්‍රදාය අභිබවා නව වෙනසක් ලෙසින් කාර්යාංශය ජනතාවට සමීප කිරීම මෙමගින් බලාපොරොත්තු වනවා


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT