Local

වසර 9ක් එකම විදුලි ගාස්තුව අය කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි

Monday, 12 February 2024 - 8:21 am

අවු.9ක් බලාගාර ඉදි නොකළ රටත් පැමිණි බලාගාර හරවා යැවූ රටත් ශ්‍රී ලංකාවයි

දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව යැයි පැවසීම පිළිගත නොහැකි බවත්, වසර නවයක් එකම විදුලි ගාස්තුවක් අය කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව යැයිද විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පෙන්වා දෙයි. දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව යැයි පැවසීම පිළිගත නොහැකි බවත්, වසර නවයක් එකම විදුලි ගාස්තුවක් අය කළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව යැයිද විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පෙන්වා දෙයි.

ආරාධනා කළද විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් විදුලි බිල අඩු කිරීමේ කිසිදු යෝජනාවක් මේ වන තුරු ලබා දී නොමැති බව ද ඔවුන් පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් කතා කළද එළියේ ඒ සම්බන්ධයෙන් කතා නොකරන බවද ඇමැතිවරයා සඳහන් කළේය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (10) කොළඹ බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. විදුලි අය ක්‍රමය සම්බන්ධයෙන් ලබා දිය හැකි උපරිම අඩු මිල සඳහන් යෝජනාව මේ වන විට ලබා දී ඇති බවත් එය අවසන් යොජනාව නොවන බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

අවසන් කාර්ය භාරය ඇත්තේ මහජන උපයෝගීතා කොමිසන් සභාවට බවද ඔවුන් විසින් මහජන අදහස් ලබා ගෙන එම යෝජනා නිවැරැදිද, වැරැදිද යන්න තොරතුරු ලබා දුන් පසු ඔවුන්ගේ නිර්දේශ මත නැවත විදුලිබල මණ්ඩලය විසින් විදුලි අය ක්‍රමය සම්බන්ධයෙන් යෝජනා සකස් කරන බවද ඇමැතිවරයා කියා සිටියේය. පෙබරවාරි මස 20 වන විට මහජන අදහස් ලබා ගැනීමෙන් පසු අදාළ සංශෝධන මහජන උපයෝගීතා කොමිසම විසින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කියා සිටියේය. විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ද දැනුවත් කරන බව කී ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ වනවිට දැනුවත් කර ඇතැයිද කියා සිටියේය.

දකුණු ආසියාවේ අපි වැඩිම විදුලි බිල අවුරුදු නමයක් යනුවෙන් කියන බවත් මේ භුක්ති විඳින්නේ අවශ්‍ය වේලාවේ නිවැරැදි තීන්දු තීරණ නොගැනීමේ ප්‍රතිඵල බවද ඇමැතිවරයා කියා සිටියේය. දකුණු ආසියාවේ හෝ ලෝකයේ අවුරුදු නවයක් එක දිගට එකම ගණනකට විදුලිය තබා ගත් රටත් ශ්‍රී ලංකාව බවත්, අවුරුදු නවයක් බලාගාර ඉදි නොවූ රටත් ඉදිකිරීමට පැමිණි බලාගාර නැවත හරවා යැවූ රටත් ශ්‍රී ලංකාව යැයි මතක තබා ගතයුතු යැයිද ඇමැතිවරයා කීය.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT