Local

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට අවුරුදු තෑගි පාර්සල්

Sunday, 14 April 2024 - 8:19 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක  ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා  අවුරුදු ත්‍යාග පාර්සල් බෙදාදීම (13) දිවයින පුරා සිදු කෙරිණි.

කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල අද උදෑසන ආරම්භ වූ මෙම වැඩසටහන සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අලුත් අවුරුදු රසකැවිලි හා ත්‍යාග පාර්සල් දරුවන්ට බෙදාදීම  දවසපුරාම සිදු කරන ලදී.

නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවකුටම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් “ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු” මැයෙන් ජනාධීපති කාර්යාලය, සිලෝන් බිස්කට් සමාගම ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි.

ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය සමග රස කැවිලි හා ත්‍යාග පාර්සල් 10,000කට අධික ප්‍රමාණයක් දරුවන් අතර බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.

ජනාධීපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මඟපෙන්වීමෙන් යුද හමුදාපති ලුතිනන් ජනරල් විකුම් ලියනගේගේ අධීක්ෂණය යටතේ යුද හමුදාව විසින් ත්‍යාග පාර්සල් බෙදාදීම සිදු කරන ලදී.

ඒ අනුව මධ්‍යම පළාතේ මධ්‍යස්ථාන 40ක්, නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 57ක් , උතුරු මැද පළාතේ මධ්‍යස්ථාන 16ක්, උතුරු පළාතේ මධ්‍යස්ථාන 23 ක්, සබරගමුව  පළාතේ මධ්‍යස්ථාන 19 ක්,  දකුණු පළාතේ මධ්‍යස්ථාන 25ක්, ඌව පළාතේ මධ්‍යස්ථාන 14ක් හා බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 106ක් ඇතුළු මධ්‍යස්ථාන 336ක් ආවරණය වන පරිදි මෙම අවුරුදු ත්‍යාග පාර්සල් බෙදා දීම සිදු කෙරිණි.

PMD News
PMD News
PMD News
PMD News
PMD News
PMD News


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT