Local

කළු සහ කැලණි ගංගා ගංවතුර අවදානම් මට්ටමට

Sunday, 26 May 2024 - 2:49 pm

කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු spc සුගීෂ්වර මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර මහතා පැවසුවේ කළු සහ කැළණි ගංගාවල ඉහළ ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු තත්ත්වය දක්වා ගංගාවල ජල මට්ටම ඉහළගොස් ඇති බවය.

අද දිනය තුළදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවුවහොත් එම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වය ඇතිවිය හැකි බවද ඒ මහතා පවසයි.

මේ අතර නිරිතදිග මෝසමේ බලපෑම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් එල්ල වෙමින් තිබේ. ‍

අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ අතරින් මරණ 7ක්ම සිදුව ඇත්තේ ගස්කඩා වැටීම්වලිනි. 

කෑගල්ල අරණායක මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ ජලසම්පාදන මණ්ඩලය අසළ පිහිටි කොස් ගසක කොටසක් ට්‍රාන්ෆෝමරයක් මතට කඩාවැටී තිබේ. 

මේ හේතුවෙන් අරණායක ප්‍රදේශයටම විදුලිය විසන්ධිවී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි. 

මේ අතර කොළඹ ගම්පහ කළුතර මහනුවර කෑගල්ල නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන් 7ට අදාළව නිකුත්කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව පුද්ගලයින් 45,344ක් පමණ පීඩාවටට ලක්ව සිටින අතර නිවාස 2797කට අර්ධහානි සිදුව තිබේ.


Top Stories
wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT