Local

කෝටි 3ක භාණ්ඩ තොගයක් සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

Tuesday, 19 December 2023 - 8:22 pm

තීරුබදු ඇතුළු අනෙකුත් රජයට අයවිය යුතු බදු නොගෙවා මෙරටට ගෙනා කෝටි 3කට ආසන්න වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් සමඟ සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව සැකකරුවන් විසින් සූක්ෂම ලෙස සියලු පරීක්ෂණ ආයතන මගහරිමින් එම භාණ්ඩ ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටියදී කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය, වීරකැටිය, පුත්තලම සහ කොලොන්නාව යන ප්‍රදේශවල පදිංචි සිව්දෙනෙක් වන අතර මෙම පිරිස දෛනිකව මෙලෙස ඩුබායි ඇතුළු විවිධ රටවල් වෙත ගොස් භාණ්ඩ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව වෙත රැගෙනවිත් ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පොලිස් භාරයට ගෙන ඇති භාණ්ඩ අතර ලැප්ටොප් පරිගණක, ඇපල් ජංගම දුරකථන ඇතුළු විවිධ මාදිලියේ ජංගම දුරකථන, ජංගම දුරකථන උපාංග, විදෙස් දුම්වැටි, ස්වර්ණාභරණ, විවිධ වර්ගයේ මත්පැන්, සුවඳ විළවුන් සහ මෝටර් රථ අමතර කොටස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT