Local

ශිෂ්‍යත්වයට මුහුණදුන් දරුවන්ට සජිත්ගෙන් සහනයක්

Wednesday, 18 September 2024 - 11:35 am

මෙවර 5 ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් දරුවන්ට සිදුවූ අසාධාරණය තම රජයක් යටතේ නිවරදි කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ ජන රැලියට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

'රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා එයාට පුළුවන්ළු. දැන් පුළුවන් පුද්ගලයාට බැහැ තමන්ගේ යටතේ තියෙන ආණ්ඩුවේ 05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ලීක් වෙන්නේ නැතුව තියාගන්න. දැන් මොකක්ද වෙලා තියෙන්නේ, ලීක් වුණු ප්‍රශ්න තුන ඉවත් කරනවාලු. ශිෂ්‍යත්වයට මුහුණ දුන්න ලක්ෂ සංඛ්‍යාත දූ පුතුන්ට කරන බරපතළ අසාධාරණයක්. මම ඔබට කියන්න කැමැතියි මේ ලීක් වෙන... මේ අධ්‍යාපනයේ නිර්මාණය වී තිබෙන විභාග ප්‍රශ්නපත්‍ර ලීක් වීමේ කුමන්ත්‍රණය අපි හොයා බලනවා. ඒ දේ කරපු අයට ගන්න පුළුවන් බරපතළම තීන්දුව අපි ගන්නවා. මම කියන්න කැමතියි ජනාධිපතිවරයාට ඔබ  කරන හැමදේම ලීක් වෙනවා. ලීකේජ් එක නතර කරගන්න. ඒ ශිෂ්‍යත්වයට මුහුණදුන් මේ දූ දරුවන්ට සිදුවුණ අසාධාරණය අපේ ආණ්ඩුවක් යටතේ නිවැරදි කරනවා.'


Top Stories
wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT