Local

වෛද්‍යවරුන්​ගේ අභිමානයට සිදුකරන මේ අභියෝගයට අපි ලෑස්තියි - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Monday, 03 March 2025 - 6:46 pm

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා තිබෙනවා.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරි දීමනාව වන මූලික වැටුපෙන් 1/80 ක මුදල සහ නිවාඩු දින දීමනාව වන මූලික වැටුපෙන් 1/20 ක මුදල පිළිවෙලින් මූලික වැටුපෙන් 1/120 සහ 1/30 ක් ලෙ​ස කප්පාදු කිරීම සම්බන්ධයෙන් සි​ය විරෝධය පළ කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙ​ම ගැටලුව සඳහා රජයේ පාර්ශවයෙන් පිළිතුරු ලබාදීමට මාර්තු 05 දක්වා කාලය ලබාදෙන බවත්, නිශ්චිත පිළිතුරක් නොලැබුණහොත් මාර්තු 05 දින සිට හදිසි සේවා පමණක් ක්‍රියාත්මක කරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යාමට ඒකමතිකව තීරණය කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදා​ස සඳහන් කළේ.

මෙම සියළු දීමනාවන් කිසිඳු වෙනසක් නොකර ලබාදිය යුතු බවත්, මෙය වෛද්‍යවරුන්ගේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් බවත් ජනාධිපතිවරයා මේ අභියෝග කරන්නේ වෛද්‍යවරුන්ගේ අභිමානයට බවත් ඒ අභියෝගයට මුහුණ දීමට තමන් ලෑස්ති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්​ම අයවැය තෙවනවර කියවීමේදී මෙය නිවැරදි කිරීමට කටයුතු නොකළහොත්, මාර්තු 07 වනදා සිට දැඩි තීරණ ගැනීමට කටයුතු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


 


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT