සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම වෙනුවෙන් යෝජිත නීති සම්පාදනය පිළිබඳව සාකච්ඡා කිරීමට සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් සංවිධානය කළ පාර්ශ්වරුවන්ගේ කතිකාවක් පසුගියදා කොළඹ දි පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් පීරිස් මහතාගේ සහ නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කතිකාව සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) ප්‍රතිපත්ති ප්‍රධානී ආචාර්ය සි.වයි.තංගරාජා මහතාගේ සහාය ඇතිව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංශ මහතා විසින් මෙහෙයවන ලදී. රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයින්, මාධ්‍යවේදීන් සහ නීතිය හා සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු පාර්ශ්වකරුවන් රැසක් මීට එක්ව සිටියහ.
උතුරු නැගෙනහිර ගැටුම්වලින් පීඩාවට පත් ජනතාවගේ දුක් ගැනවිලිවලට විසඳුම් ලබාදීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි සත්‍යය, සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාව (CTUR) සඳහා වන කෙටුම්පතේ විවිධ පැතිකඩ සාකච්ඡා කිරීම මෙන්ම නැවත යුද්ධයක් ඇති නොවන ලෙස රට තුළ සංහිඳියාව ගොඩනැඟීමට අදාළව ගත යුතු පියවර පිළිබඳ සොයා බැලීම මෙම කතිකාවේ මූලික අරමුණ විය.
සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාවක් (CTUR) පිහිටුවීමේ මුලික කටයුතු පැවරී ඇති සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් වින්දිත කණ්ඩායම්, බලපෑමට ලක් වූ ප්‍රජාවන්, ආගමික නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් ආදි පාර්ශ්වකරුවන් සඳහා මේ වන විට උපදේශන වැඩසටහන් පවත්වමින් සිටින බව මෙහිදී සඳහන් කෙරිණි.
අනෙකුත් අධිකරණ බල ප්‍රදේශවල සත්‍ය, සමගිය සහ ප්‍රතිසාධනය සඳහා වු යාන්ත්‍රණ මත පදනම් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් සකස් කිරීම සහ යෝජිත පනත යටතේ කොමසාරිස්වරුන්ගේ සලකා බැලීම සඳහා මාර්ගෝපදේශ සහ ක්‍රියා පටිපාටි කෙටුම්පත් කිරීම සඳහා උනන්දුවෙන් කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මෙම සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) අංශ 04 කින් සමන්විත වන අතර නීතිමය කටයුතු, ප්‍රතිපත්ති සංවර්ධනය, මහජන සම්බන්ධතා සහ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින්ගෙන් එය සමන්විත වේ.
වින්දිතයන්ගේ හඬට සවන් දීම සහතික කරමින් වින්දිතයන් කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව ඇතුළුව සංක්‍රාන්තික යුක්තියේ විවිධ පැතිකඩ පිළිබඳව ශක්තිමත් සාකච්ඡාවක් සඳහා මෙම කතිකාව මඟින් අවස්ථාව සැලසිනි.
ජාතික ආරක්‍ෂාවට අදාළ සංවේදී තොරතුරු හැසිරවීම, ක්‍රමානුකූල වාර්තා කළමනාකරණය සඳහා ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සහ සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ ක්‍රියාවලියට දෙමළ ඩයස්පෝරාවේ මැදිහත්වීම වැනි කරුණු පිළිබඳව ද මීට සහභාගී වු පිරිස අදහස් පළ කළහ.
සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ ක්‍රියාවලිය සඳහා විශ්වාසය සහ නීත්‍යානුකූලභාවය ගොඩනැගීම පිණිස විවිධ පාර්ශ්වකරුවන්ගෙන් අදහස් එක්රැස් කිරීම සඳහා පුළුල් සහ විනිවිදභාවයෙන් යුත් උපදේශන ක්‍රියාවලියක් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.
සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කොමිෂන් සභාව(CTUR) පිළිබඳ පනත් කෙටුම්පත පාර්ශ්වකරුවන්ගේ සමාලෝචනය සහ අදහස් විමසීම වෙනුවන් ඉදිරිපත් කළ හැකි බවත්, යෝජිත නීති සම්පාදනයේදී සමාජයේ සියලුම කොටස්වල විවිධ අවශ්‍යතා සහ උත්සාහයන් සැලකිල්ලට ගන්නා බව සහතික කිරීම සඳහා මෙම ප්‍රවේශය අනුගමනය කරන බවත් සහභාගී වූ පිරිස වෙත මෙහිදී දැනුම් දෙන ලදී.
ශ්‍රී ලංකාව ප්‍රතිසන්ධානය කරා ගෙන යන ගමනේ දී, සියලු පුරවැසියන් වෙනුවෙන් වඩාත් සාධාරණ සහ විස්තීර්ණ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් මෙවැනි කතිකාවන් තීරණාත්මක පියවරක් වනු ඇති බවද මෙහිදී අවධාරණය කෙරිණි.