Entertainment

Miss World 2025 : අවසන් මහා තරගය අද

Saturday, 31 May 2025 - 7:47 pm

2025 Miss World තරගාවලියේ අවසන් මහා තරඟය අද (31) සවස ප.ව. 6.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

රටවල් 100කට අධික සංඛ්‍යාවකින් රූප රාජිනියන් 100කට අධික දෙනෙකු මෙම තරගය සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ අනුදි ගුණසේකර මෙම තරගාවලිය තුල කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුණා.

Miss World තරගාවලියේදී පසුගිය මාසය පුරාවට, රූ රැජිණියන් විසින් ක්‍රීඩා අභියෝගතා, දක්ෂතා ප්‍රදර්ශනය කිරීම්, Head-to-Head Challenge, Top Model Competition, සහ Multimedia Challenge ඇතුළු තරග මාලාවකට සහභාගී වුණා.

මෙවර ලෝක රූ රැජින තේරීමේ ආකෘතියට අනුව, අර්ධ අවසන් පූර්ව වටයට 40 දෙනෙකු තෝරාගනු ලබන අතර, පසුගිය දින කිහිපයේ එක් එක් තේමා යටතේ පැවැත් වූ ඉසව් හරහා දැක්වූ දක්ෂතා මත ඉන් 18 දෙනෙකු දැනටමත් ඒ සඳහා තෝරාගෙන තිබෙනවා.

එම ‍තෝරාගත් 18 දෙනා අතර ශ්‍රී ලංකා රූ රැජින වන අනුදි ගුණසේකර තේරී නොමැති නමුත්, අද පැවැත්වෙන අදියරේදී දක්වන දක්ෂතා අනුව ඇයට අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම 40 දෙනාගෙන් ඇරඹී, එක් එක් මහාද්වීප කළාපයෙන් පස් දෙනෙකු ‍ලෙස 20 දෙනෙකු දක්වා අඩුවන අතර, පසුව එක් එක් මහාද්වීප කළාපයෙන් අවසන් තරගකරුවන් දෙදෙනෙකු බැගින් තෝරා ඉහළම 08 දෙනා තෝරා ගනු ලබනවා. 

අවසාන වටයේදී, සෑම මහාද්වීපයකින්ම එක් නියෝජිතයෙකු බැගින් කිරුළ සඳහා තරඟ කිරීමට නියමිතයි.

ඔවුන් අතරින් ජයග්‍රාහකයා 2025 ලෝක රූ රැජින ලෙස කිරුළු පළඳිනු ලබන අතර, අනෙක් අය පළමු, දෙවන සහ තෙවන අනුශූරයන් ලෙස නම් කරනු ලබනවා.


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT