Business

දේශීය පොල්තෙල් කර්මාන්තශාලාවන් රැකගැනීමට යෝජනාවලියක්

Monday, 12 August 2024 - 10:24 pm

දේශීය පොල්තෙල් කර්මාන්තශාලා 3000ක් රැකගැනීමට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා ඉදිරියේ දී සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

දැනට රට තුළ වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 290,000ක් වන අතර රට තුළ නිෂ්පාදනය කරනුයේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණයි.

ඉතිරි අවශ්‍යතාවය වන පොල්තෙල් මෙට්‍රික් ටොන් 250,000ක ප්‍රමාණය පොල්තෙල්, පිරිපහදු කළ හා නොකළ තෙල් වශයෙන් මෙරටට ආනයනය කරන බව සඳහන්.

මෙහිදී දේශීය වෙළෙඳපොළෙහි ආනයනික පොල්තෙල්වල මිල ගණන් අඩු මට්ටමක පවතින අතර දේශීය පොල්තෙල්වල මිල ගණන් ඉහළ මට්ටමක පවතිනවා.

මේ නිසා පාරිභෝගිකයා වැඩිපුර ආනයනික පොල්තෙල් පරිභෝජනයට යොමුවී ඇතී බැවින් තම කර්මාන්තශාලා පවත්වාගෙන යාම පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උද්ගතව ඇති බවයි කර්මාන්තශාලා හිමිකරුවන් පෙන්වාදී තිබෙන්නේ.

දැනට දේශීය පොල්තෙල් සඳහා අයකරනු ලබන වැට් බද්ද ඉවත් කරන ලෙසත් ඔවුන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

කෙසේවෙතත් මේ වනවිට පොල්තෙල් සඳහා පනවා ඇති වැට් බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විශේෂ සාකච්ඡාවක් පවත්වන බව පැවසූ අමාත්‍යවරයා දේශීය පොල්තෙල් කර්මාන්තය ආරක්ෂා කරගැනීම සඳහා කර්මාන්තකරුවන් වශයෙන් ඔවුන්ගේ ඉල්ලිම් ඇතුළත් යෝජනාවලිය කඩිනමින් සකස් කරන ලෙස උපදෙස් දී ඇති බව සඳහන්.

සතියක කාලයක් තුළ මෙම යෝජනාවලිය තමන්ට ලබා දෙන ලෙසත්, ඉන් අනතුරුව එම යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.

අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ මේ වනවිට වෙළෙඳපළේ ඇති පොල්තෙල් හා අනෙකුත් පරිභෝජනයට ගන්නා තෙල්වල ප්‍රමිතිය සම්බන්ධව පාරිභෝගික ජනතාවට ගැටලුවක් ඇති බවයි.

ඒ අනුව අමාත්‍යවරයා විසින් පොල් සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත්තේ වෙළෙඳපොළෙහි අලෙවි කෙරෙන පරිභෝජනයට සුදුසු පොල්තෙල් කුමක්දැයි පහසුවෙන් හදුනාගැනීම සඳහා පාරිභෝගිකයාට කිසිඳු නිර්දේශයක් නොමැති අතර පරිභෝජනයට සුදුසු පොල්තෙල් පහසුවෙන් හඳුනාගැනීම සඳහා සහතිකයක් සහ පොල්තෙල් ඇසුරුම් සඳහා ස්ටිකරයක් වහාම ඉදිරිපත් කරන්න ලෙසයි.

පොල් සංවර්ධන අධිකාරිය විසින් පරිභෝජනයට සුදුසු පොල්තෙල් හඳුනාගැනීම සඳහා තරු පහක සළකුණක් (Five Star) නිකුත් කළ ද මේ සම්බන්ධව මහජනතාවට කිසිඳු දැනුවත්භාවයක් නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදී තිබෙනවා.


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT