Entertainment

පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන කියැවිය යුත්තේ මෙහෙමයි

Monday, 02 September 2024 - 11:12 am

මේ දිනවල මෙරට ප්‍රධාන අවධානය යොමුවී ඇත්තේ දැනට ප්‍රධාන පක්ෂ ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ වෙතය. ඊට මූලික හේතුව වී ඇත්තේ වසර 40කට ආසන්න කාලයක් තුළ මෙරට පැවති පක්ෂ හා දේශපාලන දේහයේ විශාල පිපිරීමක් මේ වන විට ඇතිවී තිබීමයි. ඒ දැනට මෙරට පැරණි පක්ෂ තම බූදලය කොටගෙන සිටි පිරිස වෙතින් ජනතාව ගිලිහී යාම හා පක්ෂ තවදුරටත් එසේ නොපවතින තත්ත්වයකට පත්වී තිබීමත්ය. ජනතාවට මෙතෙක් මෙරට දේශපාලන බූදලයේ කොටස්කරුවන්ගේ ක්‍රියාකාරීත්වය හරිහැටි අවබෝධකොට දුන්නේ එදා අරගල බිමට මුලින්ම පැමිණි හා ගුටිකෑමට ලක්වූ තරුණ දරුපිරිසයි. ඔවුන්ට පැහැදිලි මාවතක් නොතිබුණද ක්‍රමයේ පැවති අසාධාරණ අගතිගාමීත්වය වැඩිහිටියන්ට හා තරුණ ප්‍රජාවට සිහිපත් කර දුන්නේ ඔවුන්ය. අද පවතින දේශපාලන පක්ෂ මාරුව ඔවුන්ගේ අරගලයේ ප්‍රතිඵලයකි.එදා කෝටි ගණනකට විකිණණු දේශපාලකයින්ට අද දේශපාලන අම්බලම් සොයා යාමට සැලැස්සුවේ ද ඔය අරගල දරුවන්ය. එයින් ඔවුන්ගේ එක් සිහිනයක් මල්පල ගැන්වෙන තැනකට පත්වී ඇති සෙයක් සමාජ ගතිකත්වය පෙන්වා දී තිබේ.

මැතිවරණයක් එනවිටෙක කුමක් හෝ ලියවිල්ලක් පෙන්වා ඒ තුළට සහනාධාර පුරවා ඡන්ද දායකයා අද රවටාගත නොහැක්කේ දැනට මතු ජනාධිපතිවරයා මතු වනුයේ ප්‍රතිපත්ති මත බවට අවසාන මහා සාධකය බවට පත්වී තිබීමයි. එහිදී තීරණාත්මක ඡන්ද දායකයා ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ ප්‍රතිපත්ති මත පිහිටා වීම අතිශය තීරණාත්මක සන්ධිස්ථානයකි. අන් කවරදාකවත් නොදුටු ආකාරයට තම පක්ෂ ප්‍රතිපත්ති ලියැවිල්ල මේ වනවිට ප්‍රධාන පක්ෂ තුනම ජනගතකොට ඇත්තේ ඒ නිසාය. එසේම කලින්ම රොෂාන් රණසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශනද අගය කළයුත්තකි. පක්ෂයක හෝ රටක හෝ කිසියම් සංවිධානයක ප්‍රතිපත්ති ප්‍රකාශයක් යනු කුමක්ද, ප්‍රතිපත්ති යනු මොනවාද හා ඒවා කුමක් සඳහා සකස් කරන්නේදැයි මේ මොහොතේ විමසා බැලිය යුත්තකි.

ප්‍රතිපත්ති හා ප්‍රතිපත්ති ප්‍රකාශන අතර සුළු සමානකමක් මෙන්ම කිසියම් දුරස්ථබවක් ද ඇතිබව ඒ පිළිබඳ දැක්වෙන අර්ථකථන ඔස්සේ හඳුනාගත හැකිය.මේ ප්‍රකාශ පිළිබඳව මාධ්‍ය ඔස්සේ කෙරෙන කතාබහවලදී ඇතැම් නොදැනුම්වත් දේශපාලකයන් Manifesto /policy statement යනුවෙන් හැඳින්වෙන මේ ලියවිලිවලින් මූල්‍ය උත්පාදනය විමසීම විහිළුවකි. ක්‍රියාත්මක ක්‍රමවේදයක් හෝ මුදල් උපයා ගැනීමක් හෝ මේ ප්‍රකාශනවල අන්තර්ගත නොවන්නේ ඇයිදැයි ඒ පිළිබඳව දැක්වෙන අර්ථකථනවලින්ම හඳුනාගත හැකිය. ඒ සමගම ක්‍රියාත්මක Blue print එකතුවකින් එසේ ක්‍රියාත්මක විස්තරය එකවර බෙදාහැරීම ද කළ හැකිය. ප්‍රතිපත්තියක් වෙනස් කළ හැක්කේ කිසියම් ඒහා සම්බන්ධ නීති රෙගුලාසි හෝ පිළිගත් ආචාරධර්ම මත වන අතර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පහසුවෙන් වෙනස් කරගත හැක්කකි. උදාහරණයකට ගතහොත් අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගත හැක්කේ එහි දැක්වෙන නියමයන්ට අනුව වන අතර පක්ෂ ප්‍රතිපත්ති, ප්‍රකාශන අවශ්‍යතා මත වෙනස් කරගත හැකිය. මේ ප්‍රතිපත්ති හා ප්‍රකාශන වෙන්කෙරෙන රේඛාවන්ය.

Policy

The frame work of laws ,regulations and actions gove ments implement to achieve social and economic goals.

ප්‍රතිපත්ති යනු කිසියම් රටක සමාජ ආර්ථික ඉලක්කයන් මුදුන්පමුණුවාගැනීම සඳහා සකස් කරගනු ලබන නෛතික රෙගුලාසි රාමුවකි. ඒ නිසා ඒ සඳහා මතු බලාපොරොත්තු වන අපේක්ෂාවන් එනම් ආර්ථික හා සමාජයීය, දැක්ම ඇතුළත් කෙටුම්පත් සහිත ලියවිලි ප්‍රතිපත්ති වේ.

මේ දිනවල ප්‍රධාන පක්ෂවලින් ඉදිරිපත් කර ඇති ප්‍රකාශනවල සමාන ලක්ෂණ දැකගත හැකි අතර ඒවා එකිනෙක මත යැපුණු බවක් ද පෙනේ. ඒ නිසා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉංග්‍රීසියෙන් දක්වා තිබීම මෙසේ හඳුනාගැනීම වැදගත්ය.

“A public declaration of policy and aims,specially one issued before an election by a political party or candidate.”

“A written declaration of the intentions motives, opinions or views of the issues,by it an individual,group political party or gove ment sovereign.”

“A document publicly declaring the position or program of the issuer, it advances a set of ideas, opinions or views.”

“A document summarizing the key problems, ideas, opinions, views, or plan of action of a political party to the people.”

“A declaration of gove ment’s political activities ,plans and intentions,relating to a concrete

Cause or at the assumption of office and entire legislative session .(include how, what,when)

ඉහත දක්වා ඇති සෑම නිර්වචනයකින්ම සමූහාර්ථයක් ලෙස ගන්නේ නම් ප්‍රතිපත්ති ප්‍රකාශයක තම ඉලක්ක සපුරාගත හැකි ක්‍රමෝපායන් කෙටියෙන් සඳහන් කළහැකි අතර එසේ නොකිරීම ද දැකගත හැකිය. ඒවා එකම රාමුවක සීමාවිය නොහැකි නමුත් ඉහත දැක්වෙන අර්ථදැක්වීම්වලින් හඳුනාගත හැකි ප්‍රධාන කාරණය වන්නේ ශ්‍රී ලංකාව වැනි රටක දේශපාලන සාක්ෂරතාව බහුතරයකට නොමැති වීමත් රටේ ජනකොටස් විවිධ, එනම් දැනුම, ආර්ථිකය, පන්තිය ලෙස විවිධකරණය වී තිබීමත් නිසා එකම ශාස්ත්‍රීය ලියවිල්ලක් ලෙස මේවා සකස් කළ නොහැක්කේ මූලික අපේක්ෂාව ඡන්ද දායකයා දිනා ගැනීම වීම නිසයි. කෙසේ වෙතත් ඉහත දැක්වෙන අර්ථදැක්වීම් ඔස්සේ පෞද්ගලිකව හෝ සංවිධානයක් විසින් හෝ පක්ෂයක් විසින් හෝ මෙසේ සකස් කරන ප්‍රකාශය මැතිවරණයකට පෙර ඔවුන් ජනතාව වෙත ඉදිරිපත් කරන, මූලික පොරොන්දු, අදහස්, මත දැක්ම හා ක්‍රියාත්මක කෙරෙන ආකෘතිය ආදිය සහිත ලියවිල්ල ලෙස සමූහාර්ථ ගත හැකිය.

දැනට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනවල, පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්, සැමට ජයක් යන ආප්තවාක්‍ය සහිත වන අතර ජාතික ජන බලවේගයේ ප්‍රකාශනය ප්‍රධාන අනුමාතෘකා 4ක් සහ වගන්ති 39ක් යටතේ සකස් කර ඇත. රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශනය ප්‍රධාන කොටස් 5ක් යටතේ වන අතර පොදු ජන එක්සත් පෙරමුණ ආර්ථිකය හා තාක්ෂණය ඉස්මතු කරමින් තම ප්‍රකාශනයන් සකස් කොට ඇත. මෙහිදී ථෙරවාද වෙ‍ෙළඳ ආර්ථිකය, වරාය නගර ආර්ථිකය, ජාතික ආරක්ෂාව, ඩිජිටල්කරණය, ව්‍යවස්ථා සංශෝධනය, නිෂ්පාදන මාදිලිය, නීතිය මත පිහිටා පාලනය, අන්තර්ජාතික සබඳතා, මැතිවරණ ක්‍රමය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සෞඛ්‍ය ආදිය සෑම ප්‍රකාශනයකම පොදු බවට පත්වී ඇත. ඒවා ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි යන්න වෙනම තැනක තිබිය යුතු අතර මීට වසර කිහිපයකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ දේශගුණ විපර්යාස හා ආහාර සුරක්ෂිතතාව -1987 වාර්තාව බෲඩ්ලන්ඩ් කොමිසම් වාර්තාව ලෙසත්, 2010 දී ළඟා කරගතයුතු සහශ්‍රක අරමුණු ප්‍රකාශනයකත්, 2030 දී අත්පත් කරගතයුතු තිරසාර සංවර්ධන අරමුණු ප්‍රකාශනයන් වැනි ප්‍රකාශනයන් පරිශීලනය කළ මා දකින්නේ ජාතික ජන බලවේගයේ ප්‍රකාශනය ඒ හා සමීප ස්පර්ශයක් ගත් එකක් ලෙසය. නිමැවුම හා අනුසිරස්තල බොහොමයකින් එහි ඇත්තේ මානව සංවර්ධන ඉලක්කයන් වන අතර එය බොහෝදුරට තිරසාර සංවර්ධන අරමුණු ඇසුරු කරගත් බවක් පෙනේ. ඒ නිසාම ප්‍රකාශනය පුරාම දිගහැරෙන්නේ මානව අවශ්‍යතාවලට හෘදයාංගමව කෙරෙන ආමන්ත්‍රණයක් ලෙසය. ඒවා මානව සමෘද්ධියේ මානව ප්‍රවේශ වේ. රනිල් ප්‍රකාශනයේ හා පොදු ජන ප්‍රකාශනයේ ඇත්තේ රට බංකොලොත් වූ පසු මෙරට ඒ ඒ ක්ෂේත්‍රවල විද්වතුන් මාධ්‍ය හරහා පෙන්වා දුන් කරුණු ගොනුවක් ලෙස සකස් කර ඇති ආකාරයයි. මේ අන්තර්ගතයන් තුළ ජනතාව නොදත් නවතාවන් නැති අතර පවතින ප්‍රධාන ගැටලුව වන ආර්ථිකය වටා ඒ සියල්ල ගොනුකර තිබීම වැඩදායකය. සජබ ප්‍රතිපත්ති ද විපක්ෂ නායකවරයා විසින් විවිධ ජනරැලිවලදී පෙන්වා දී ඇත.

ඇතැමෙක් මේවාහි ප්‍රාග්ධන උත්පාදනය, ආයෝජන, නිදහස් වෙ‍ෙළඳපොළ ශක්තිමත් කිරීම, IMF කතිකාව වැනි දේ බලාපොරොත්තු වන්නේ නම් ඉහත දක්වා ඇති අර්ථකථනයන් හොඳින් කියවා ගතහොත් ඒවා තිබිය යුත්තේ ජනතාව අමතන වේදිකාවලය. නැතහොත් Blue Printවලය. එසේම මේ ප්‍රකාශ ඕනෑවට වඩා දිගුවීම නොකළ යුතුව තිබිණි.

ලෝකයේ ඇතැම් රටවල් අනුගමනය කරන පිළිවෙත් කිහිපයක් හඳුනාගතහොත් පසුව සකස් කරන ප්‍රතිපත්ති ප්‍රකාශවලට උපකාරයක් විය හැකිය. අප දකින ප්‍රකාශනවල ඇත්තේ දැක්මට (vision) වඩා මෙහෙවර (Mission) පිළිබඳව වන අතර ආප්ත වාක්‍ය තුළ slogan පොහොසත් හෝ සුවපහසු රටකට වඩා සංවර්ධිත රටක් යන්න වඩාත් උචිත නොවන්නේ ද?මේ ඔස්ට්‍රේලියාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයකට ගන්නා පියවර 4යි.

1.ප්‍රධාන සංදේශයෙන් ආරම්භ කළයුතු අතර අවසානයේ එහි වැදගත්කම කුමක්දැයි සඳහන්ව තිබිය යුතුය. Key messages at the start and end with why it is important.

2.ශාස්ත්‍රීය ලේඛන ශෛලියෙන් වියුක්ත විය යුතුය. Avoid using any academic discipline specific jargon’

3.විශාල පඨිතයන්හි පැහැදිලි බව උදෙසා ශීර්ෂපාඨ හා උපශීර්ෂපාඨ යෙදිය යුතුය.Use headlines and sub-headings to break up large blocks of text and ensure clarity.

4.මුඛ්‍ය අරුත පැහැදිලි කිරීමේදී අංක, රූප, ප්‍රස්තාර ආදිය උපකාර කර ගතහැකිය.use figures charts or diagrams to help illustrate main points or key message.

තවත් එක් රටක් ලෙස එංගලන්තයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කරගන්නා පියවර 5ක් හඳුනාගත හැකිය.

Step-1 රටේ අභ්‍යන්තර පර්යේෂණ භාවිතයට ගත හැකිය perform inte al research.

Step-2 මතුකරගතයුතු ප්‍රතිපත්ති හඳුනාගත යුතුය. Identify the policies you want to create.

Step-3- ප්‍රමුඛ මූලිකාංග ඇතුළත් කළ යුතුය. Include the key elements in the policy.

Step4- සෑම මූලිකාංගයකම අන්තර්ගතයන් සකස්කළ යුතුය Create content for each element of the policy.

Step5- වෙනත් අවශ්‍යම තොරතුරු පැහැදිලිව ඇතුළත් කළ යුතුය. Add more information to clarify the policy for stakeholders.

මේ අනුව ප්‍රතිපත්ති පකාශනයක් ඕනෑවට වඩා දිගුවීමේදී ජනතාව ඒවා කියවීමෙන් වැළැකේ. සරල භාෂා භාවිතය හා සංක්ෂිප්ත බව මතුවිය යුතුය. කෙසේ වුව ප්‍රතිපත්ති ප්‍රකාශ මත මෙවර ජයග්‍රාහී ඡන්ද තීරණය වනු ඇත.

මහාචාර්ය අජන්තා හපුආරච්චි


Top Stories
wedivistara

නුවරඑලියේ තොණ්ඩමන්, දිගම්බරන් ඉවරයි.. මාලිමාවෙන් පහක් පාර්ලිමේන්තු එනවා..

wedivistara

ගංවතුර ආධාර බෙදාගන්න පොරකති.. ගුටිකෙලියකින් අයෙක් මරුට..

wedivistara

ඇමතිට ආරක්‍ෂකයන් හතරක්.. මන්ත‍්‍රීට දෙකක්.. ප‍්‍රභූ ආරක්‍ෂාවට කමිටුවක්..

wedivistara

ජොන්ස්ටන් ලෙඩ වෙයි.. නඩුවට නොඑයි..

wedivistara

ඉන්ධන මිල ඉහල යාමේ අවදානමක් තිබෙනවා..- විජිත

wedivistara

පාස්කු කොමිසන් වාර්තාව ගම්මන්පිල තබාගැනීම අපරාධයක්.. පරීක්‍ෂණ කරන්න සූදානම්..- විජිත

Trending
wedivistara

සිරිලිය නඩුව උඩටම අදී.. ශිරන්ති රත්වෙයි..

wedivistara

රට සැගවූ සල්ලි ගේන්න යයි.. ඩොලර් තොග සැගවූ 13ක් ගැන පරීක්‍ෂණ..

wedivistara

ජනාධිපතිගෙන් කඩිකම් සහනයක්..

wedivistara

සැප්තැම්බරයේදී විදේශ ශ‍්‍රමිකයන් ඩොලර් එවීම අඩුවෙයි..

wedivistara

සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාවය ගැන රජයේ නිලධාරීන් වගකිව යුතුයි..- අගමැතිනි

wedivistara

මං අසනීපයි.. ප‍්‍රකාශ දෙන්න බෑ..- ජොන්ස්ටන් රහස් පොලිසියට දන්වයි..


NEWS ALERT