Local

උතුරන්න වැස්සත් විදුලි ගාස්තුවට මොකක් වෙයිද?

Monday, 02 December 2024 - 9:51 pm

පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජල විදුලිය උත්පාදනයට යොදාගැනෙන ජලාශවල ජලමට්ටම් ඉහළ යාමත් සමග මේ වනවිට එම බලාගාරවලින් ඉහළ ධාරිතාවකින් විදුලිය උත්පාදනය කරන බව විදුලිබල මණ්ඩල දත්ත අනාවරණ කර තිබේ.

ඒ අනුව ඊයේ (01) දිනයේදී දිවයිනේ සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 62.2%ක්ම උත්පාදනය කර තිබුණේ ජල විදුලි බලාගාරවලිනි.

මෙවැනි පසුබිමක විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික පවසන්නේ 35% ත් 40%ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩුකළ යුතු බවය.

'මේ වෙනකොට කාර්තු ක්‍රමයට ගත්තාම හතරවෙනි විදුලි සංශෝධනයත් අපි භුක්ති විඳින්න ඕනේ. හැබැයි භුක්ති විඳින්න තියා මේ ආණ්ඩුව මේක ගැන තව හිතලාවත් නැති විදිහක් තමයි අපිට නම් පෙනෙන්නේ. මේ විදුලි බල මණ්ඩලයේ පත් කරපු සභාපතිවරයාට කොන්ත්‍රාත් සමාගමක් තියෙනවා විදුලි බල ක්ෂේත්‍රය ගැන. ඒ වගේම උප සභාපති ඉන්නවා ඔහුටත් කොන්ත්‍රාත් සමාගමක් තියෙනවා විදුලි ක්ෂේත්‍රය ගැන. ඉතිං මේවා තියෙද්දි විදුලි බිල අඩු වෙයිද?'

ඒනිසා මෙවර සංශෝධනයේදී විදුලි බිල අඩුවීමේ ප්‍රතිශතය 35%ත් - 40ත් ලබා දිය යුතුමයි. මොකද විදුලි බල මණ්ඩලය මේ වෙනකොට බිලියන 200කට වඩා ලාබ ලබමින් තමයි තියෙන්නේ.

මේ අතර විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩම්.ඒ.පී. ප්‍රභාත් මහතා පැවසුවේ 30%ක විදුලි බිල අඩුවීමක් සඳහා තවත් වසර කිහිපයක් ගතවුණු ඇති බවයි.

'මේ ලැබෙන වර්ෂාපතනයත් එක්ක යම්කිසි 6%යට එහා ගිය සහනයක් දෙන්න විදුලි බල මණ්ඩලය පැත්තෙන් පුළුවන් කමක් ලැබිලා තියෙනවා. නමුත් ඔය කියන 30% කතන්දරය නම් අනිවාර්යයෙන්ම මේ පාර වෙන්නේ නෑ. දෙසැම්බර් 06 වැනිදාට කළින් අපි උපයෝගිතා කොමිසමට යෝජනා යවනවා. බොහෝ වෙලාවට උපයෝගිතා කොමිසමට යැව්වාට පස්සේ ඒගොල්ලෝ සති දෙකක විතර කාලයක් ගන්නවා අනිවාර්යයෙන්ම මේක කළමනාකාරී කරලා බොහෝ වෙලාවට දෙසැම්බර් මාසේ අග සතිය හෝ ජනවාරි මුල සතියේ ඉඳලා විදුලිබිල අඩු කිරීමක් වෙනවා අනිවාර්යයෙන්ම.'


Top Stories
wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT