Local

වීර ක්‍රියාවක් කළ ත්‍රීරෝද රථ රියදුරුට පොලිස් උපහාර

Friday, 19 January 2024 - 7:31 pm

කාන්තාවකගේ රන්මාලයක් කඩාගෙන යතුරු පැදියකින් පලා යාමට උත්සාහ ගත් සැකකරුවන් දෙදෙනෙකුගේ ගමන් මග  තමන්ගේ ත්‍රී රෝද  රථයෙන් හරස් කර ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පියවර ගත්  ත්‍රීරෝද රථ රියදුරකුට මීරිගම මුගුරුගම්පල විහාරයේදී උපහාර පුද කර ති‌බෙයි.

මෙසේ උපහාර සම්මානයට පාත්‍ර වූයේ හල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එස්.ටී. තරිඳු ලක්ෂාන් රූප සිංහ මහතාය.

ඉකුත් දා ඒ මහතා මීරිගම නගරය දෙසට ගමන් කරමින් සිටිය දී  රේන්ද පොළ හන්දියේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කාන්තාවකගේ මාලය කඩාගෙන යනවා දැක තමන්ගේ ත්‍රී රෝද රථයෙන් ඔවුන්ගේ ගමන් මඟ හරස් කිරීම නිසා ජනතා සහය ඇතිව  සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි විය .

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර මීරිගම මුගුරුගම්පල අම්බරුක්ඛාරාම විහාරස්ථානයේ පැවැති යුක්තියට මසක් පිරීම නිමිත්තෙන් වූ   බෝධි පූජා පින්කම අවසානයේ දී එහි විහාරාධිපති මැදපිටියේ ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙම උපහාර තිළිණ ප්‍රදානය සිදුවිය .

විහාරාධිපති හිමියන් සහ මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චි මහතා ලක්ෂාන් රූප සිංහ මහතාට තිළිණ ප්‍රදානය කළ අවස්ථාව මෙහි දැක්වේ .

 


Top Stories
wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT