Entertainment

Forbes 30 Under 30 Asia ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඇතුළත් වෙයි

Friday, 16 May 2025 - 10:22 am

Forbes සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන, විවිධ ක්ෂේත්‍රවල අවුරුදු 30 ට අඩු කැපී පෙනෙන පුද්ගලයින් ඇතුළත් Forbes 30 Under 30 ලැයිස්තුව සඳහා ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව The Arts (Art & Style, Food & Drink) අංශයෙන් එම ලැයිස්තුව සඳහා Wild Cookbook හි චරිත් සිල්වා ඇතුළත් වී තිබෙනවා. Wild Cookbook YouTube නාලිකාව පසුගියදා Subscribers මිලියන 10 සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර, එම සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ පළමු YouTube නාලිකාව වන්නේ ද Wild Cookbook YouTube නාලිකාවයි.

එසේම Social Media, Marketing & Advertising අංශයෙන් නිකින් මාතරආරච්චි තේරීපත්ව ඇති අතර ඔහු ශ්‍රී ලාංකික සමාගමක් වන Synapse AI Labs සමාගමේ නිර්මාතෘවරයා වනවා. AI තාක්ෂණයෙන් නිර්මාණය වී ඇති වි‍ශ්ලේෂණ කටයුතු සඳහා යොදාගන්නා Kommon Poll එම සමාගම සතු නිර්මාණයක් වනවා.

මීට අමතරව Retail & Ecommerce අංශයෙන් Forbes 30 Under 30 Asia ලැයිස්තුවට යානිකා අමරසේකර ද නම් කර ඇති අතර, ඇය විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වන Silver Aisle හි නිර්මාතෘවරිය වනවා.


Top Stories
wedivistara

කෙහෙළිය ඇතුළු 12කට අධිචෝදනා ගොනු කෙරේ

wedivistara

දුමින්ද දිසානායක ජූලි 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග

wedivistara

Kottu Roti ඇතුලු ලාංකික වචන කිහිපයක් Oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයට ඇතුළත් කෙරේ

wedivistara

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර මගින් විදෙස්ගත වීමට තැත් කළ තරුණයි‍න් දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ළමුන් අතර බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ඉහළට

wedivistara

2025 උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වෙයි

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

වසර 3කදී රටින් ගෙනා මැණික් කිලෝ 45,000ක තොරතුරු නෑ

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

රන් මිල පහළට


NEWS ALERT