Local

දකුණු මුහුදේදී ඇල්ලූ කෝටි 380ක අයිස්-කුඩු ගෙනාවේ ඩුබායිවලින්

Tuesday, 16 April 2024 - 9:31 am

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බහුදින යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබියදී පසුගිය 12 වෙනිදා ගැඹුරු මුහුදේ දී අල්ලාගත් රුපියල් කෝටි 380කට ආසන්න වීථි වටිනාකමක් ඇති අයිස් හා හෙරොයින් කිලෝ 263කට අධික ප්‍රමාණය මෙරටට එවීමේ මෙහෙයුම දියත් වී ඇත්තේ ඩුබායි සිට බව ඒ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කරනු ලබන මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

පාකිස්තාන් සහ ඉරාන ජාතිකයින්ගෙන් සැදුම්ලත් බහුදින යාත්‍රාවකින් මෙම හෙරොයින් තොගය පාකිස්තානයේ සිට රැගෙන විත් ජාත්‍යන්තර මුහුදේ දී මෙරට බහුදින යාත්‍රාවකට පටවා ඇති බව සඳහන්ය.

එම මත්කුඩු තොගය අතර අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 179 ග්‍රෑම් 906ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 83 ග්‍රෑම් 582ක් තිබී ඇත.

නාවික හමුදාව සෑම වර්ෂයකදීම අලුත් අවුරුදු කාලය තුළ මේ හා සමාන මත්කුඩු තොගයක් අල්ලාගන්නා අතර මෙවර අල්ලාගත් ප්‍රමාණය වෙනත් වසරයන්ට වඩා වැඩි බව සඳහන්ය.

අලුත් අවුරුදු සමයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශ්වාස කරනු ලබන්නේ ආරක්ෂක හමුදා සාමාජිකයන් නිවාඩු යාම් හේතුවෙන් ආරක්ෂාව ලිහිල්වනු ඇති බවය. ඒ අනුව ඔවුන් මේ කාලය තුළ වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය මෙරටට එවීමට උත්සාහ දරන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට සම්බන්ධ තොරතුරු අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශ නිරන්තරයෙන් ඇස ගසාගෙන සිටින අතර ඒ අනුව ලද බුද්ධි තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 133ක් පමණ (කිලෝමීටර් 246ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක ‘සමුද්‍රාරක්ෂා’ නෞකාව යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබුණු බහුදින යාත්‍රාව සැකකරුවන් 06 දෙනෙක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. මෙම බහුදින යාත්‍රාවේ ඇති මත්ද්‍රව්‍ය තොගයෙන් කොටසක් අතරමඟ දී වෙනත් බහුදින යාත්‍රාවකට පැටවීමේ සූදානමක් ද තිබී ඇත. එම යාත්‍රාව ද නාවික හමුදාව විසින් කොටුකරගෙන ඇත්තේ සැකකරුවන් සිව් දෙනෙක් සමඟිනි.

අල්ලාගත් මෙම මත්ද්‍රව්‍ය තොගය පසුගිය 13 වෙනිදා ගාල්ල වරායට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගත්තේය. නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් එම මත්ද්‍රව්‍ය තොගය පරීක්‍ෂා කිරීමට ගාල්ල වරාය පරිශ්‍රයට 13 වෙනිදා පැමිණියේය. උර දහ හතක් (17) තුළ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අසුරා තිබී ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත්කර ඇත්තේ සමුද්‍රාරක්ෂා නෞකාව මිඟිනි.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT