Local

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Friday, 09 May 2025 - 1:05 pm

රුපියල් 20,840,000ක් වටිනා මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මැයි 03 වැනිදා සපුගස්කන්ද පොලිස් වසමේදී, අවි පෙන්වා බිය ගන්වා මෙලෙස දෙකෝටියට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා තිබු බවයි පොලීසිය සඳහන් කළේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව ඊයේ (08) දින උදෑසන කාලයේදී කිරිඳිවැල පොලිස් වසමේ, රඳාවාන, මාහේන හන්දිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 61ක් වන කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.


Top Stories
wedivistara

ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද, මෙරට මහා පරිමාණ මුදල් වංචාවන්ට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

wedivistara

විශ්වවිද්‍යාලවල හිංසන නැවතීමට ක්‍රමවේදයක් සකසන්න

wedivistara

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

wedivistara

කොළඹ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වාදෙයි

wedivistara

සිසුවා ඇදවැටුණු සිසු සැරිය බස් රථ‍‍යේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම් කිරීමට පියවර

wedivistara

0.55% කින් අඩු වූ බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT